#newstube

  • සාමාන්‍ය පෙළ පන්ති තහනම අද සිට.

    2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති,දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

  • සාමාන්‍ය පෙළ විභාගයට වැසි බාධා? අවදානම් පාසල් ගැන NBRO වෙතින් විශේෂ නිවේදනයක්

    මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බැවින්, සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පියවර ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

  • සායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයට වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් වෙලා !

    ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන්  ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති  බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

  • සායනික රෝගියා පොලිසිය පටලා අංගොඩ යැව්වැයි මානව හිමිකම් පැමිණිල්ලක්

    බින්නෝන්මාදයෙන් පෙළෙන සිය පුතු සම්බන්ධයෙන් වැරදි වෛද්‍ය වාර්තාවක් ලබා දී සිවිල් වැරැද්දකට පටලවා අංගොඩ රෝහලට යවා ඇති බව කියමින් නුවරඑළිය ප්‍රදේශයේ පියෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ (ඔක්. 9) පැමිණිල්ලක් කර තිබේ.

    නුවරඑළිය මහ රෝහලේ මානසික වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් සමග ඇති වූ සිදුවීමක් මුල් කරගෙන වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීමකින් තොරව දුන් වාර්තාවක් මගින් සිය පුතුගේ මානව හිමිකම් කඩ වී ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත.

    නුවරඑළිය මහ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් මාසිකව ප්‍රතිකාර ලබා ගන්නා සිය පුතු පසුගිය සැප්තැම්බර් 30 වන දා මානසික වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියකගේ නම පවසා ඇය සිටීදැයි රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකුගෙන් විමසා ඇතැයි ද එහිදී සේවකයන් කීප දෙනෙකු ඔහු පසුපස පන්නා ගොස් පහර දීමට තැත් කර ඇතැයි ද එම පියා කර පැමිණිල්ලේ දැක්වේ.

    ඉන්පසු නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් 2025.10.2 දින නිවසට පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ගියේ යැයි ද ඒ පිළිබඳව විමසීමේදී වාට්ටුව භාර විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාවක් මත ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඉන්පසු බදුල්ල බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරය හරහා අංගොඩ මානසික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන බවත පොලිසිය ප්‍රකාශ කර සිටියේ යැයි පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මේ අතර ප්‍රතිකාර ලබා සාමකාමීව මාස කීපයක් සිටි පුතු මෙම සිදුවීමෙන් අනතුරුව දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි ඔහුගේ පියා වන එම්.ජී ජානක ඉඳුනිල් පැවසීය.

    තව ද, රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගියා වන පුතු අතර ඇතිවූ ආරවුලේදී එම කාර්ය මණ්ඩලයේ ම සාමාජික විශේෂඥ වෛද්‍යවරයා ඒකපාර්ශ්විකව පුතු වැරදිකරු කරමින් වාර්තාවක් සකසා අධිකරණය මගින් පුතුව බන්ධනාගාරගත කිරීම ඇතුළු කරුණු 4ක් යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට ද පැමිණිල්ලක් කළේ යැයි ද ඔහු පැවසීය.

    ලෝක මානසික සෞඛ්‍ය දිනය අද දිනයේ සමරන මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරින් මේ අසාධාරණය සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනමින් යුක්තිය ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

    ( Bingun Menaka Gamage - mawbima)


  • සාර්ථක කාන්තා ව්‍යවසායිකාවක් වීමට අවශ්‍ය මූලික පදනම සකසා ගැනීම සඳහා අවස්ථාවක්

    DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැකි ය.

  • සාරා ජෙස්මින් මේ රටින් පැන්නුවේ මාලිමාවේ ඇමති කෙනෙක් - මුජිබර් රහුමාන් හෙළි කරයි (විඩියෝ)

    සාරා ජෙස්මින් මේ රටින් පැන්නුවේ මාලිමාවේ ඇමතිවරයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.

  • සාවද්‍ය සහ නොමග යවනසුලු පුවත් පතුරුවන්න එපා - බලශක්ති අමාත්‍යාංශය ඉල්ලයි

    නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේ දී විශේෂයෙන් ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යෑමට සිදුවන බවත් ආදී වශයෙන් වූ නොමග යවනසුලු සහ සාවද්‍ය පුවත් සමහර මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය වේ.

  • සාහිත්‍ය විචාරයට මග පෙන්වන 'සාහිත්‍යය හා විචාර කලාව'

    සංස්කෘති සඟරාව සිය ප්‍රතිපත්තිය මංගල කලාපයේ දක්වා ඇති අතර එකී සඳහන අනූව විවේචනය, විග්‍රහය සහ විචාරය මනාව සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

  • සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා

    කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත.

  • සැකකරුවන්ව විශේෂ බන්ධනාගාරවලට යොමු කිරීම වළක්වන චක්‍රලේඛයක්

    මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    එනම් 2012 මැයි 11 වන දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එවක ලේකම් මංජුල තිලකරත්න නිකුත් කළ චක්‍රලේඛය නැවත යාවත්කාලීන කර නිකුත් කරන ලෙස කොමිෂන් සභාව තමාට දැනුම් දී ඇති බව පෙන්වා දෙමින්, වර්තමාන ලේකම් ප්‍රසන්න අල්විස් පැරණි චක්‍රලේඛය යාවත්කාලීන කර නව චක්‍රලේඛය පසුගිය දා 9 වන දා නිකුත් කර ඇත.

    ඒ අනුව, යාවත්කාලීන කළ චක්‍රලේඛය ඔස්සේ පෙන්වා දෙන්නේ, සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස ගියෝග කිරීම නොකළ යුතු බව ත් යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව ත් ය.




    ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන චක්‍රලේඛය නිකුත් කර තිබේ.




    සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාල සීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් යම් කටයුත්තක් සඳහා නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බව කියයි.

    සැකකරුවන් හෝ සිරකරුවන් කවර හේතුවක් මත හෝ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ගියොත් ඒ සඳහා හේතු වූ කරුණු අදාළ බන්ධනාගාර අධිකාරී විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු බව චක්‍රලේඛය ඔස්සේ කියයි.

    සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

  • සැබැවින් ම ත්‍රස්ත මර්දන පනත (PTA) යනු කුමක් ද...? - Ideas front වීඩියෝවක්

    උතුරෙහි ජාතික ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසදුමකට එළඹෙන්නට තරම් දෙපාර්ශවයට ම අවශ්‍යතාවක් නොමැති හෙයින්, පාලක පක්ෂය වෙත උතුරෙන් එල්ල වන අභියෝග වැළැක්වීම සඳහා භාවිත කරන ආයුධයක් ලෙස ත්‍රස්ත මර්දන පනත (PTA) හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • සැබෑ හැකර්වරු කවුද?

    දිලිත් ජයවීර අප්‍රේල් 24වැනි දා  මාධ්‍ය හමුවට පිවිසියේ ආණ්වට දිගු දේශපාලන ප්‍රහාරයක් එල්ල කරන්නටය.

  • සෑම පුද්ගලයකුට ම ආගමක් ඇදහීමේ සහ නිරාගමික වීමේ නිදහස තිබෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    සෑම පුද්ගලයකුට ම තමන් පිළිගන්නා, විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදැහීමේ, සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් ඇති බවත්, නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති නමුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • සෑම් ඇල්ට්මන් සහ මාර්ක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ

    සමාජ මාධ්‍ය මගින් දරුවන් ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව ලෝකය පුරා පවතින විවාදය දැන් අතිශය තීරණාත්මක මොහොතකට අවතීර්ණ වී තිබේ.

  • සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න

    සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.

  • සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න

    සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.

  • සිංගල් සුපර් පොස්පේට් (SSP) නිෂ්පාදනය සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවයි

    සිංගල් සුපර් පොස්පේට් (SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර අභිලාෂ කැඳවීම මෙම මස 16 (හෙට) දින පස්වරු දෙකෙන් අවසන් වේ.

    කර්මාන්තශාලාව ඉදිකිරීමේ අරමුණ

    දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී ඇත.

    මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය නිරීක්ෂණයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  අද(15) දින එක් වූ අතර එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකට ද අමාත්‍යවරයා සහභාගි විය.

    මෙම කර්මාන්ත ශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිත බවත්, දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන් ම සිංගල් සුපර් පොස්පේට්වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

    මෙහි දෙවන අදියරයේ දී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද ඉදිකිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ ඇතුළු රාජ්‍ය නිළධාරීහු ද එක්ව සිටියහ.

    (සටහන | කසුන් ගමගේ)

     ssp 1000px set

  • සිඩ්නි නුවර මෝර ප්‍රහාර ඉහළ යයි

    මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

  • සිනමා අර්බුදය අවසන් ද...?

    මෑතක දී සිනමා අර්බුදයේ විසඳිය යුතුයැයි සැලකෙන තවත් ගැටලු කිහිපයක් විසඳීම වෙනුවෙන් වත්මන් බලධාරීන් - නිලධාරීන් සහ තවත් අය පාර්ලිමේන්තුව තුළ දී එක්රැස් වී ඇත. සතුටට හේතුව නම් මෙහි කිසිදු සිනමා කසඩයෙක් නොසිටීමයි; සිටියයුතුම පිරිස මෙහි සිටි යි, මේ මොහොතේ මෙයින් පිට සිනමාවක් ගැන සිතාගත නොහැකි ය; සියල්ලන් උගත් - බුද්ධිමත් - දැනුවත් අය යි.

  • සිනමා තරු පිරිවරාගත් 'ෆාදර්' මංගල දර්ශනයට සැරසෙයි: Golden ටිකට් පත් දැන් නිකුත් කෙරේ

    ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 'ෆාදර්' (Father) සිනමා පටයේ මංගල දර්ශනය දිවයිනේ ජනප්‍රිය සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න