#newstube

  • සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ස්ථාපිත කිරීම

    රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන තීරන හේතුවෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුළ මේ වන විට පැන නැගී තිබෙන බරපතළ ගැටලු සහ සෞඛ්‍ය වෘත්තිකයින් වශයෙන්, ගුණාත්මක සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ දී

  • සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා මේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැහැ - GMOA

    15වන දා සිට ක්‍රියාත්මක වන ඉන්ධන කෝටාව තම සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් නැතැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

  • සෞඛ්‍ය සේවාව සැලකිල්ලක් නැති, අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරලා

    අර්බුදයක ප්‍රමුඛතා කාගේ ද?

  • හක්මන සමූප ඡන්දයත් මාලිමාව පරදී: විපක්ෂයට 68යි මාලිමාවට 32යි

    මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව ඇත.

  • හංගමුවේ ජනකවි සිතියම

    රත්නපුරේ ගම්මානවල ඇවිදින විට හමුවන ජන සාහිත්‍යයෙන් සමාජවිද්‍යාඥයන් තිගැස්සීමකට ලක් කළ හැකි ය. මේ රත්නපුරේ (නිවිතිගල) හංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන ජනකවියකි.

  • හතරවෙනි වතාවටත් අනුරගේ විගණකාධිපති ප්‍රතික්ෂේප වෙලා !

    මීළඟ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ඕ. ආර්. රාජසිංහගේ නමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

  • හදවත් රෝගීන්ට පොල් කිරි හොඳ ද, නරක ද...? - වෛද්‍ය නාමල් විජේසිංහ (වීඩියෝ)

    පොල් කිරිවල අන්තර්ගත ඇතැම් ගුණාංග ඇතැම් හදවත් රෝගීන්ට හිතකර ප්‍රතිඵල මෙන් ම ඇතැම් රෝගීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නේ යැයි මහාචාර්ය වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

  • හදිසි කැබිනට් සංශෝධනයක් : බිමල්ගෙන් වරාය හා ගුවන්සේවා ගලවයි- කෞෂල්‍යාට, දිනිදුටත් නි. ඇමතිකම්…

    ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද (10) පෙරවරුවේ සිදු කර ඇත.

    ජනාධිපති අනුර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වෙනස්කම් සිදු කර තිබේ.

    ඒ අනුව බිමල් රත්නායක  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක  වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, සුසිල් රණසිංහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

    අනුර කරුණාතිලක පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර සුසිල් රණසිංහ  ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ඉදිරි අයවැයට අනුකූලව ජාතික සංවර්ධන ඉලක්ක වල කාර්යක්ෂමතාවක කඩිනම් කිරීම බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


    අමාත්‍යවරුන්

    1- බිමල් නිරෝෂන් රත්නායක  – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

    2- අනුර කරුණාතිලක  – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    3- වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ  – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය


    නියෝජ්‍ය අමාත්‍යවරුන්

    1- අනිල් ජයන්ත ප්‍රනාන්දු  – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    2- ටී.බී. සරත්  – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    3- එම්.එම්. මොහොමඩ් මුනිර්  – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    4- එරංග ගුණසේකර  – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    5- වෛද්‍ය මුදිත හංසක විජයමුණි  – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    6- අරවින්ද සෙනරත් විතාරණ  -ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

    7- එච්.එම්. දිනිඳු සමන් කුමාර  – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    8- යූ.ඩී. නිශාන්ත ජයවීර  – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    9- ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න  – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    10- එම්.අයි.එම්. අර්කම්  – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
     
     

    Screenshot 2025 10 10 095856
     
  • හදිසි නීතිය භාවිත කරන්නේ ආපදා කළමනාකරණයට පමණ ම යි - අගමැතිනිය සහතික වෙයි

    හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට ලක්වූ ජනතාව ගේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  පැවසුවා ය.

  • හදිසි නීතියෙන් වටගල වැටක් ගසයි!

    සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

  • හදිසියේ ඉවත් කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ බුදුරුව යළිත් ස්ථාපිත කරති

    දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීන්ගේ නිල කාමරයේ  ස්ථාපිත කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගර සභා බලධාරීන් විසින් හදිසියේම ඉවත් කිරිිම පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය.

  • හඳ වටේ ගිය "ආටෙමිස්" කණ්ඩායමේ ගැහැනු හයිය; ක්‍රිස්ටිනා කෝච් ගැන අප නොදන්නා කතාව

    පසුගිය අප්‍රේල් 1 වැනිදා පෘථිවියෙන් සමුගෙන, හරියට ම දවස් 6 කට පස්සේ අද (අප්‍රේල් 7) හඳ වටේ රවුමක් ගහලා ආපහු එන්න පිටත් වුණු Artemis II කණ්ඩායම ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා.

  • හමාස් භාරයේ ජීවතුන් අතර වූ සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස්

    එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) ඊශ්‍රායලය වෙත ලඟා වීමත් සමග හමාස් භාරයේ පසුවූ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් පළමු පිරිස නිදහස ලදහ.

    ඒ අනුව, ප්‍රථමයෙන්, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකු ගාසා තීරයේදී මුදා හැරිණි. ඉන් පසුව ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකුද මීට ස්වල්ප වෙලාවකට පෙර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය. ඒ අනුව, හමාස් භාරයේ ජීවතුන් අතර වූ සියළු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස ලබා සිටී.

    බටහිර ඉවුරේ ඊශ්‍රායල බන්ධනාගාර වෙතින් මුදා හළ පලස්තීන සිරකරුවන් රැගත් බස් රථ කිහිපයක් ගාසා තීරයේ නියමිත ස්ථානයක් වෙත ප්‍රවාහනය කෙරෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

    මේ අතර, ඊශ්‍රායලයට සැපත් වූ ජනපති ට්‍රම්ප්, එරට රාජ්‍ය නායකයා, ඉහළ පෙළ සියළු අමාත්‍යවරු, නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් ද එක්ව, ආචාර පෙළපාලි මධ්‍යයේ මහත් හරසරින් පිළිගත්හ.

     

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/13/2025

    Gaza ceasefire live: All remaining living Israeli hostages released in swap as Trump to address Knesset

  • හමාස් සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්‍රාන ඇපයට ගනු ලැබීය.

    මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති බව සඳහන් වේ.

  • හර්ෂ ඉලුක්පිටියට දෙවසරක සිර දඬුවම් -ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කළේය.

    ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ  විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

    ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

    එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

  • හරිණි අමරසූරිය සිය වගකීම් ඉටු කරනවා ද...? - Ideas front වීඩියෝවක්

    පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය වෙත බවත්, ඇය සිය වගකීම ඉටු කරනවා ද යන්න සැකසහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හසලක නාය‍යෑමකින් 05දෙනෙකු මරුට - තවත් 12දෙනෙකු අතුරුදන්

    හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.

  • හැටන්- කොළඹ මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර පවසයි.

  • හැඳුනුම්පත් කන්තෝරුවේ නම විකුණා පුද්ගල තොරතුරු එකතු කරලා

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක පාවිච්චි කරමින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ගන්නා බවට වාර්තා වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

  • හැමෝගේ ම කවියා "සංවේදී රත්න ශ්‍රී විජේසිංහ" සහ එතුමා ලියූ කවි

    රත්න ශ්‍රී මහත්තයා හොඳ කවියෙකි. එතුමා ගැන මා නං මුලින්ම දැන ගත්තේ මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කළ නිසා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න