සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇතැයි එම පක්ෂය අද (16) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය අද දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් යළිත් අවධාරණය කර ඇත.

සජබ යෝජනාවට ප්‍රතිචාරයක්
එක්සත් ජාතික පක්ෂය මෙසේ ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් පත්කළ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවට ප්‍රතිචාරයක් ලෙසය.
කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ සාමාජිකයන් වන බව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගියදා ප්‍රකාශකර තිබිණ.
එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයකි.
එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබිණ.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් පවසයි.
මිනිස්සුන්ට නොතේරෙන ආර්ථික පණ්ඩිතකම් කතා කරන ‘ඔස්තාර්ලා’ වෙනුවට තේරෙන භාෂාවෙන් මිනිස්සුන්ට කතාකරන සැබෑ ආර්ථික උගතෙක් එළියට එයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ තහවුරු කර තිබේ.
දිට්වා සුළි කුණාටුවට පෙර සිට ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විටින් විට ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසු ගිය 27වන දින රටේ හදිසි තත්ත්වයක් පත් කරන්නැයි ඉල්ලා සිටි මොහොතේ එය මායින් නොකළ මාලිමා ආණ්ඩුව දින කිහිපයකට පසුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ඒ වන විට වැළැක් විය හැකිව තිබූ බොහෝ විනාශ සිදු වී අවසන් බවත් සමගිජන බලවේගයේ දුෂණ විරෝධී කමිටුවේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය.
පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ සජිත් බඳු පුද්ගලයින් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද පැවසුව ද සජිත් ප්‍රේමදාස මෙරට අධ්‍යාපනය නොලද පුද්ගලයෙක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
පාස්කු ප්‍රහාරය මේ දිනවල යළිත් රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.
බාල ගල්අඟුරු කතාව පොහොට්ටුවේ DV චානක මන්ත්‍රීවරයා මුලින් ම එළියට දැමූ පසු ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයේ: අජිත්, මරික්කාර්, වරුණ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ය.
කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ය.
ගෙවුණු සතියේ දේශපාලනය උණුසුම් වුණේ, සජිත් සහ රනිල් අතර ඇයි හොඳැයියත්, 78 වැනි නිදහස් දින සැමරුමේ ජනාධිපති අනුර කරපු ජාතිය ඇමතීමත් නිසා ය.
ගෙවී ගිය සතිය සජිත් ඇතුළු සජබයට කාර්ය බහුල සතියක් වී තිබුණේ, වෘත්තීය සමිති සංවත්සරයත්, ‘පච මදිවට හොරු අනුරට බෑ’ නමින් මහජන සම්මන්ත්‍රණ මාලාවකුත් සංවිධානය කර තිබීම නිසා ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට ජපාන තානාපති Akio Isamota අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුනා.
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (07) ලිඛිත ඉල්ලීමක් සිදු කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරිණ.
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවූ අතර, එහි දී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට ඊයේ (3) සමත් විය.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Mr. Levan Dzhagaryan සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
කොලොන්නාව ආසනයට බලපැ අධික ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් බෝට්ටු දෙකක් ලබා දුන් අතර එම බෝට්ටු දෙක උපයෝගී කර ගෙන එම ජනතාවට පිසූ ආහාර සහ ජල බෝතල් ලබා දීම ඊයේ සිදුවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අනිවාර්යයෙන් ම සම්මුතියක් ඇති විය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසි ය.
ගෙවී යන සතිය කරුණු ගණනාවක් හේතුවෙන් විපක්ෂයට තීරණාත්මක සතියක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

