1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩා කළ පාදඟ පන්දු යවන ක්රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා අභාවප්රාප්ත වී තිබේ.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
දශක හතකට අධික කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස රැඳී සිටිමින් සිය ජීවන ගමනට සමුදුන් හෙළයේ ගීත කෝකිලාවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අවසන් ගෞරව දැක්වී ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (28) නියම කළේය.
කොළඹ හා තදාසන්න ප්රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර සිටි හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු සැගවීම සහ රටින් පැන යාමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියයට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරමින් ජූලි 27 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද නොතීසියක් නිකුත් කළේ ය.
කොළඹ කොටස් වෙළඳපොල මගඩි ගනුදෙනු වලට හවුල් බවටත් චෝදනා.....
2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියන්) 182ක්ද සිටින බව වාර්තාවේ.
2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ, තවමත් සොයමින් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමග වීඩියෝ ඇමතුමක නිරත වන ඡායාරූපයක් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළ කොට ඇත.
කුරුකුලසූරිය සිය සමාජ මාධ්‍යයේ එය පළ කරමින් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් සිය හිතවතකු බවත්, වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවත්ය.
ඔහු කියා සිටියේ මහේන්ද්‍රන් කරුණු කිහිපයක් ගැන කතා කළ බවත් ජනාධිපති අනුර දිසානායකට යම් උපදෙසක් ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත්ය.
තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්, සාකච්ඡාවට “බොහෝ කතා” ඇතුළත් වූ බවත්, වසර 30 කට ආසන්න කාලයක් මහේන්ද්‍රන් හඳුනන බවත් උවිදු සදහන් කොට ඇත.
දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින මහේන්ද්‍රන්ට රජයට විශාල මූල්‍ය පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මතභේදාත්මක බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.


හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය, එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී ඇති බවයි.
බැංකු ඇතුළු විවිධ ආයතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් අමාත්‍යවරයා කීවේය.
මේ අතර විවිධ පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමති පිරිසක් සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රසිද්ධ පාතාලකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ධූරයේ කටයුතු කළ ප්‍රභාත් මලවීආරච්චි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ දානමය පිංකම 2026 අගෝස්තු 12 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) විසින් පවත්වන ලදී.
මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන (ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ) පොහොට්ටුව උදාර මධුශංඛ පෙරේරා නැමති අයකු බව කියයි.
හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහි දි මෝටර් රථය අධික ශබ්දයෙන් පන ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව කියයි.
එහිදි අදාල තැනැත්තාගේ ක්‍රියා කලාපයත් අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව අත්අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව කියයි.
අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස ක්‍රියාකාරි දේශපාලන චරිතයකි.
( හිරාන් ප්‍රියංකර ජයසිංහ - lankadeepa)
මනුෂ්‍ය ඉතිහාසයේ දරුණුතම ආඥාදායකයsන් දෙදෙනෙකු වූ හිට්ලර් සහ ස්ටාලින් යන දෙදෙනා ම එක සේ බිය වූ ලොව එකම මිනිසා ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් ගෝර්ජි ජුකොව් ය. ඔහු හුදෙක් නාසි හමුදාව පරාජය කළා පමණක් නොව, ඔවුන් ගේ ආත්ම විශ්වාසය සහ යුද බලය මුළුමනින්ම බිඳ දැමුවේ ය.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබේ.
අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.
වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.
විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.
මම මේ කතා කරන්න හදන්නෙ පැය දොළහකට වඩා එක දිගට මහන්සි වෙන ජොබ් එකක් ගැන.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ජනතාවට සහ විහාරස්ථානවලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කිරීම කැලණිය නාරම්මිණිය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කුරුඳුවත්තේ ඥානසිරි හිමි ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.
මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා ඇත.
බිත්තර ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බවත්, එබැවින් දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් එය හෘද රෝගියකුට වුව ද එය ඒ ආකාරයෙන් ම බලපාන්නේ යැයි හෘද රෝග විශේෂඥ මහාචාර්ය, වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

