හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනය සහ රුසියාවෙන් නව කෙටුම්පත් යෝජනාවක්
චීනය සහ රුසියාව ඒකාබද්ධව හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව - ජනපති ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සහ වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වෙයි: ප්‍රංශ සහ ජපාන නෞකා පළමු වරට ගමන් කරයි
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් වසා දමා තිබූ ලෝකයේ අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ප්‍රංශයට අයත් බහාලුම් නෞකාවක් සහ ජපානයට අයත් ටැංකි නෞකාවක් ගමන් කර ඇත.
ළඟදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි !
රුපියල් කෝටි 8කට තම ධුරය විකුණා ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඔහු කවුදැයි සමාජයේ කුතුහලයක් මතු වී තිබේ.
පසුගිය වසරේ දී ඒ ආකාරයෙන් ඉල්ලා අස් වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පමණකි.
2024 ජනවාරි 09 වෙනි දින ඉල්ලා අස්වීමේ කතාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ ඔහු ජනතාව කරන ශාපයෙන් දරුවන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව සඳහන් කළේය.
පසුව, නැවත සජිත් පිල සමඟ එක් වූ ඔහු මේ වනවිට එම පිලේ ම මන්ත්‍රී ධුරයක් දරමින් සිටී.
රුපියල් කෝටි 08කට මන්ත්‍රී ධුරය විකුණා දැමීම පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඔහු නැවත ඉල්ලා අස්වේ දැයි ඇතැම් අය ප්‍රශ්න කරති.
( lankatruth )
ළමුන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්‌ෂේප කිරීම වැඩිහිටි ලෝකයේ අර්බුදයක් ද...?
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිස්සංකරණ පිළිබඳ මතගැටුම් අතර ඉහළට එස වී ආවකි, ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව.






