Language Switcher

V2025

සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක  අභාවප්‍රාප්ත වී තිබේ.

අද (06) උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 51 වන වියෙහි පසු විය.