Language Switcher

V2025

සමාජ මාධ්‍ය බලවතාගෙන් හිටපු ලෝක බලවතාට ටොක්කක් !

පැවති අමරිකානු ජනාධිපති මැතිවරණය හමුවේ විශාල ජයග්‍රහණයක් ලැබූ ජෝ බයිඩ්න් එරට ජනපතිවරයා ලෙස දිව්රුම් දීමට තිබියදී  හිටපු ජනපති පරාජිත ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් කෙසේ හෝ බලයේ සිටීමට එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ඉතා පහත් ලෙස ජාතිවාදී හා කැරලිකාරී උත්සාහයක නිරත වීමත් සමගම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හි නිර්මාතෲ මාර්ක් සකර්බර්ග් විසින් ඔහුගේ නිළ ගිණුම් වාරණය කොට ඇත.

සැබවින්ම ලෝක බලවතා උවද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඉවත්වී කැරළිකාරී ලෙස සමාජය කුපිතකරමින් මාධ්‍ය සදාචාරය හා සාරධර්ම උල්ලංඝනය කරමින් නීති රෙගුලාසි කඩ කරමින් සිදු කල කඩාකප්පල් කාරී ක්‍රියා හේතුවෙන් ඔහුට ඉතා අවවාදාත්මක හා උඩගු හා ඒකාධිපති බල තන්හාවට කදිම පිලිතුරක් මේ වනවිට ෆේස්බුක් ආයතනය ලභා දී ඇත….

සැබවින්ම ඔහු සිදුකල පහත් ජනතා උසී ගැන්වීම නිසා ඇමරිකාව තුල ජීවිත් හතරකට ආසන්න අකාලයේ අහිමි වී ඇති අතර ඔහුගේ මෙම කුපිත් කිරීම ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරමින් සමස්ථ ලෝකයටම ගෙන ගිය පණිවිඩය ඉතා නරක පූර්වාදර්ශයක් මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය අචාරධර්ම කඩ කිරීමක් ලෙස පෙන්වා දී තිබේ..

සැබවින්ම ශ්‍රී ලංකාවේ ජඩ මාධ්‍යකරණ මුදලාලිලාට උකහ ගත හැකි නම් මාධ්‍ය යනු කෙතරම් පරිස්සමෙන් භාවිතා කල යුතු හා සමාජගත කලයුතු මෙවලමක් දැයි උගත හැකිය…

සැබෑ මාධ්‍ය හිමිකරුවකු ලෙස මාර්ක් සකර්බර්ග් ගේ දූරදර්ශී නිවැරැදි තීරණයට ලෝක වාසී ප්‍රජාවගේ පැසසුම් හිමි විය යුතුව ඇත…

මාර්ක් සකර්බර්ග් වැඩි දුරටත් සදහන් කරනුයේ ඔවුන්ගේ මාධ්‍ය අවකාශය තුල මැතිවරණය සමයේ නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම නිදහස ලභා දුන් බවත් ජනතා පරමාධිපත්‍යයෙන් ලැබී ඇති ප්‍රතිපල අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා අනුකූලව රටේ ඉදිරියට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී තම මාධ්‍ය අවකාශය හරහා සිදුකල කඩාකප්පල් කාරී කැරලිකාරී ක්‍රියාව නිසා ඔහුගේ ගිණුම් අත් හිටවූ බවයි….

මාධ්‍ය දේශපාලණික බලපුලුවන්කාර කම් වලට වඩා ඉහළින් ඇති පූජණීයත්වයට පත්කල හැකි ඉතා සුපරික්ෂාකාරීව නිවැරැදිව විද්‍යාත්මකව හැසිරවිය යුත්තක් බවට අපේ රටේ මාධ්‍ය කරුවන්ද සිතට ගැනීමට කාළය පැමිණ ඇත…

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ

ඉතාලිය.