Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

'ජෝ ලාරා' හෙවත් ​​ටාසන් මියයයි

ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ජෝ ලාරා, 58 වැනි වියෙහි පසු විය.

අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න විලක් මතට ජෝ ලාරා ඇතුළු පිරිස ගමන් ගත් සැහැල්ලු ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසට අතර ජෝ ලාරාගේ බිරිඳ ද වේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ එහි 07 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් සියලුදෙනාම මියගොස් ඇත.

ගලවා ගැනීමේ සේවකයින් පවසන්නේ අනතුරට ලක්වූ ස්ථානයේ සුන්බුන් සහ මිනිස් දේහයන් හමු වූ බවයි.

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන 58 හැවිරිදි ජෝ ලාරා 1989 වසරේ දි "ටාසන් ඉන් මෑන්හැටන්" චිත්‍රපටයේ පළමු වරට ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී ඇති අතර පසුව 1996 වර්ෂයේ දී "ටාසන් ද එපික් ඇඩ්වෙන්චර්ස්" නම් කතා මාලාවට රංගනයෙන් දායක වී තිබේ.