Language Switcher

V2025

ටෝකියෝ ඔලිම්පික් ඇරඹෙයි

වසරක ප්‍රමාදයකින් පසුව හා අභියෝග රැසක් මධ්‍යයේ ලොවක් බලා සිටි 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරැණි.

ඒ, ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩාංගනයේදීයි.

2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි.

ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් අලංකාර ගිනිකෙළි සංදර්ශනයකින් විචිත්‍රවත් වෙමින් උළෙලේ කටයුතු ආරම්භ කෙරැණු අතර, වෙනදාට ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද සමාරම්භක උලෙලට එක්වන ක්‍රීඩකයින් අදත් ප්‍රේක්ෂකයින් නොමැති වුවත් සුපුරුදු පරිදි සිය රටේ ජාතික ධජය අතැතිව ඔලිම්පික් සමාරම්භයට එක්වීම කැපී පෙනෙන සිද්ධියකි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍යාරාක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පවත්වන මෙවර ක්‍රීඩා උළෙලට රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් එක් වීමට නියමිතයි.

ඉසව් 339කින් සමන්විත ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග කිහිපයක් මීට දින දෙකකට පෙර ආරම්භ වූ අතර, ත්‍රී බයි ත්‍රී පැසි පන්දු, බේස්බෝල් වැනි නව ක්‍රීඩා ඉසව් කිහිපයක් ද මෙවර හඳුන්වා දී තිබේ.

32 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනෙක් සහභාගී වී සිටිති.

====මෙවර ඔලිම්පික් උළෙල සඳහා දැරීමට සිදුව ඇති වියදම වෙනත් වසරවලට සාපේක්ෂව සියයට 22 කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර,  ඒ, ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල්දැමීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වෙතත් ක්‍රීඩා උළෙල සඳහා වැයවන පිරිවැය ස්ටර්ලින් පවුම් බිලියන 11 යි දශම 5 ක් බව විදෙස් වාර්තා අනාවරණ කරයි.