විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට "ජොබ් එක" කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
තමා රටෙත් නැති මොහොතක තමා පැවසුවා යැයි කියා බොරු කතාවක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව කී මුජිබර් රහුමාන් මෙලෙස අතේ පත්තුවෙන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බව ද සඳහන් කළේය.
තමා මේ මොහොතේ සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීම සඳහා රටින් බැහැරට පැමිණ බව කී රහුමාන් විරුද්ධ පක්ෂයේ සිටින අයට ආණ්ඩුව විසින් මඩ ගහන්න භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් තමා නොකියූ දෙය සඳහන් කර ප්‍රචාරයක් යවා තිබෙන්නේ යැයි කීය.
"ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න ඔබතුමාලා මුදල් වියදම් කරලා පඩි ගෙවලා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා.ඒ ෆේස්බුක් කරන අයට පඩි ගෙවනකොට හොයලා බලලා ගෙවන්න.
මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්‍රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලවෙන බොරු බවට පත්වෙනවා. ඒ සල්ලි අපරාදෙ .ඔබතුමාලා ආවේ ඵලදායිතාව ඇති කරන්න නේ.ඒක නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා පඩි දෙන්න.
ඔය මඩ බලකාය කරන්නේ තමුන්නාන්සේලාටත් බොරුවයි. තමුන්නාන්සේලාගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරුවක් දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා.
මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා යැයි මුජිබර් රහුමාන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
(අංජුල මහික වීරරත්න -lankadeepa)