Language Switcher

V2025

මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.

මෙම තරගයට පෙරාතුව මැතිව්ස් ටෙස්ට් තරග 100කදී ලකුණු 6953ක් රැස්කරගෙන සිටි අතර අද (09) රැස්කළ ලකුණු 47ත් සමගින් ඔහු ලකුණු 7000 සීමාව අභිබවා ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයේ සිටි සනත් ජයසූරිය තරග 110කදී ලකුණු 6973 රැස්කර ගෙන සිව්වැනි ස්ථානය දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය ඔහු තරග 134කදී ලකුණු 12400ක් රැස්කරගෙන සිටින අතර සාමාන්‍ය 57.40ක් වෙයි.

මේ අතර අද ආරම්භ වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වෙනුවෙන් කඩුළු 6ක් දැවී ලකුණු 305ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් විය.

නායක දිමුත් කරුණාරත්න රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 50කි.