Language Switcher

V2025

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T - 20 තරග සංචාරයක් සදහා අද (27) දින අලුයම නවසීලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු වශයෙන් 29 දෙනෙකු එසේ පිටත්ව ගොස් ඇත

මෙම තරගාවලිය තුළ ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ T - 20 තරග 03 ක් සදහා මෙම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය .

මෙම ටෙස්ට් තරග 02 ක , ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර සීමිත ඕවර් 50 තරග , ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය . එසේම මෙම T - 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් සදහා ඉවහල් වන බව ද වාර්තා වේ .

අද දින නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොවන අතර එක් දින සීමිත ඕවර් 50 තරග සහ T - 20 තරග සදහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යෑමට නියමිතය .

මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (27) දින අලුයම 12.40 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

එතැන් සිට වෙනත් ගුවන් යානයකින් මෙම ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතය .