Language Switcher

V2025

ඊජිප්තුවේ පැරණීම පිරමීඩයක් මහජන ප්‍රදර්ශනයට

ඊජිප්තුවේ පෞරාණික පිරමීඩයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ සියවසකට අධික කාලයක් තිස්සේ සිදු කෙරුණු පරීක්ෂණ සහ වසරකට ආසන්න කාලයක් සිදුවුණු සංරක්ෂණ කටයුතුවලින් අනතුරුවය.

වසර හාරදහසකටත් වැඩි පැරැණි ලුහාන් පිරමීඩය ඉතිහාසයේ පළමු වරට ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘතකිරීමට ඊජිප්තු බලධාරීන් කටයුතු කර ඇත.

එය මෙසේ විවෘත කර ඇත්තේ වසරකට ආසන්න කාලයක් තිස්සේ ඊජිප්තු පුරාවස්තු පිළිබද අමාත්‍යංශය කළ සංරක්ෂණ කටයුතුවලින් අනතුරුවය.

ප්‍රදර්ශනය සඳහා විවෘත කළ පිරමීඩය එකිනෙකට සම්බන්ධ මාර්ග ජාලයකින් සහ මෘතදේහ තැනැපත්කිරීමේ ඉපැරැණි කුටියකින් ද සමන්විත වේ.

සොයා ගැනීමෙන් වසර ගණනාවක් යනතුරු පාෂාණවලින් සහ සුන්බුන්වලින් වැසී ගොස් තිබුණු පිරමීඩය පිරිසිදු කිරීම පහසු නොවූ බැවින් ඒ සදහා වැඩි කාලයක් ගතකිරීමට සිදුවූ බවයි බලධාරීන් පවසයි.

මේ වන විට පිරමීඩයේ තිබූ පුරා වස්තූන් ඇතුලු සියල්ල ඒවාට නියමිත ස්ථානවල රඳවා ඇත.

ගඩොලින් නිර්මිත ලුහාන් පිරමීඩය පිහිටා ඇත්තේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 60ක පමණ දුරකින් පිහිටි ෆයොවුම් ප්‍රදේශයේය.

එය සොයාගෙන දැනට වසර සියයකට වැඩි කාලයක් ගතව ඇති 12වැනි පාරාවෝ පෙළපතට අයත් දෙවැනි සෙනුස්රෙත් රජුට අයත්ව තිබූ බවට පැවසේ.