විනෝදාස්වාද

වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සතිඅන්තයේ ලොංඩන් පෙදෙසේදී
කණ්ඩායම් විස්සක් සහභාගි වන 53 වැනි වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලිය මේ සති අන්තයේ කොළඹ ලොංඩන් පෙදෙසේ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.
මීට සමගාමීව කාන්තා ටැග් රග්බි සෙවන්ස් තරග අටක් ද පැවැත්වෙන බව සංවිධායකයන් වන වෙළඳසේවා රග්බි සංගමය (Mercantile Rugby Football Association – MRFA) ප්‍රකාශ කරනවා.
තරගාවලිය 12 වැනි සිකුරාදා පෙරවරු 8.00 ට ආරම්භ වී පස්වරු 8.00 දක්වා පැවැත්වෙනවා. පසුදින පෙරවරු 10.00 ට ඇරඹෙන තරගාවලිය අවසන් වන්නේ පස්වරු 6.00 ට. මේ තරගාවලිය මෙවර මෙහෙයවනු ලබන්නේ MRFA නව සභාපති මින්දික ජයසිංහගේ අධීක්ෂණය යටතේ.
වෙළඳසේවා රග්බි සෙවන්ස් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මාස්ටර්කාඩ් ආයතනය මෙවර අනුග්‍රහය දක්වන්නේ පිට පිට තෙවැනි වසරට. මූල්‍යමය සේවා සැපයුම්කරු ලෙස LOLC ෆිනෑන්ස් ආයතනය මේ තරගාවලියට සහයෝගය දක්වනවා. ආහාර සහකරුවා ලෙස ප්‍රීමා කොත්තුමී කටයුතු කරන අතර බීම සහකරු ලෙස ටර්බෝ එනර්ජි ආයතනය ද, වේදනා සමනය කරන්නා ලෙස අයඩෙක්ස් ආයතනය ද ඉදිරිපත්ව සිටිනවා.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික රග්බි තරග විනිසුරුවන් සමග විදේශීය තරග විනිසුරුවන් දෙදෙනෙකු ද තරග විනිශ්චය කිරීම.
තරගාවලියේ ‘කප්’ ශූරතාව සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වනවා. ‘බෝල්’ ශූරතාව සඳහා කණ්ඩායම් 4ක් සහභාගි වන අතර ‘පළිහ’ ශූරතාව වෙනුවෙන් තරග වදින කණ්ඩායම් ගණන 10ක්.
පසුගිය වසරේ ‘කප්’ ශූරයින් වුනේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් ‘ඒ’ කණ්ඩායම.
2025 Mastercard Mercantile Rugby Sevens තරගාවලියේ අනුග්‍රාහකත්වයන් MRFA සභාපති මින්දික ජයසිංහ සහ ආසන්නතම හිටපු සභාපති දිනුෂ්ක ජයතිස්ස වෙත පිරිනැමීම ශ්‍රී ලංකා සහ මාලදිවයින් මාස්ටර්කාඩ් කළමනාකරු සඳුන් හපුගොඩගේ ප්‍රධානත්වයෙන් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණ ශාලාවේදී සිදුකෙරුනා.
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
The leader.lk

සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේ ය.
ඒ තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 8කින් ජය ගනිමින් ය.
හරාරේහිදි පැවති තරගයේ තරගයේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබවේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 26කදී ය.
දෙවැනි කඩුල්ල ලෙස ශෝන් විලියම්ස් ලකුණු 23කට දැවී ගියේ ය.
දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ සිකන්දර් රාසා දැවී ගියේ ලකුණු 28කදී ය.
ටඩිවනාෂ් මරුමානී ලකුණු 51ක් රැස් කළේ ය.
දුෂාන් හේමන්ත කඩුලු 3යි.
දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තේ ය.
පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191කි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.
ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවයක් එක් කරමින් ය.
කුසල් මෙන්ඩිස් ලකුණු 30කි.
පැතුම් නිස්සංක ලකුණු 33ක් රැස් කළේ ය.
කුසල් ජනිත් පෙරේරා සහ කමිල් මිෂාර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තුන්වැනි කඩුල්ලට ලකුණු 117ක නොබිඳුණු සබඳතාවයක් එක් කරමින් ය.
කමිල් මිෂාර පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය මංගල අර්ධ ශතකය අද රැස් කළේ ය.
ඔහු නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73කි.
කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 46කි.
ලකුණු 192ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.
ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියද තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගාවලිය මෙයයි.
ලබන 9 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතියද සිරස මාධ්‍ය ජාලයට හිමිව තිබේ.
රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හි සිට නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර තරග විශ්ලේෂණ අත්දැකීම් සමගින් ආසියානු කුසලාන 20යි 20 තරගාවලිය ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

2025 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු නම් කර ඇත. එහි උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර ඇත.
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 30වනදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය 30 වැනිදා ගුවාතිහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
1) චමරි අතපත්තු (නායිකාව),
2) හසිනි පෙරේරා,
3) විශ්මි ගුණරත්න,
4) හර්ෂිත සමරවික්‍රම,
5) කවිෂා දිල්හාරි,
6) නිලක්ෂි ද සිල්වා,
7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව),
8) ඉමේෂා දුලානි,
9) දෙව්මි විහංඟා,
10) පියුමි වත්සලා,
11) ඉනෝකා රණවීර,
12) සුගන්දිකා කුමාරි,
13) උදේශිකා ප්‍රබෝධනී,
14) මල්කි මදාරා,
15) අචිනි කුලසූරිය
සංචාරක අතිරේක - ඉනෝෂි ප්‍රනාන්දු

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන T20 තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.
දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවනු ඇත.
මෙය සිම්බාබ්වේ දේශයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු ද්විපාර්ශ්වීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වේ.
aruna.lk
Page 3 of 45