Language Switcher

V2025

චීන " අඳුරු ණය " උගුලේ සිර වූවන් වෙත යොමුවන බටහිර ඇස..

ගෝලීය යටිතල පහසුකම් සහ සම්බන්ධතා වැඩ සටහන (BRI ) යටතේ චීනය විසින් සිදු කරණු ලබන " අඳුරු ණයදීම " හේතුවෙන් වැඩිම ණය අවදානමකට ගොදුරු වී ඇත්තේ උප සහරා අප්‍රිකාවයි.

චීන ජාතිකයන්ගේම වාර්තා වලට අනුව BRI හී විෂය පථයට අයත් රටවල් 68 ක් හඳුනාගෙන තිබේ. මෙම රටවල් කලාප අනුව කාණ්ඩ 4 කට වෙන් කර ඇත.

නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපය යටතට රටවල් 14 ක් ද , මධ්‍යම හා දකුණු ආසියානු කලාපය යටතට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 13 ක් ද, මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය යටතට රටවල් 17 ක් සහ යුරෝපා සහ යුරේසියානු කලාපය යටතට රටවල් 24 ක් ද ලෙස කාණ්ඩ කොට තිබේ.

මෙම රටවල් හැට අටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 25 ක් ලෙස ගණන් බලා තිබේ.

චීනයේ මෙම " අඳුරු ණයදීම" හේතුවෙන්, මෙම රටවල් 68 අතුරින් රටවල් 23 ක් ඉහළම පීඩනයකට ලක් වී තිබේ. එම රටවල් 23 ඉහතින් දැක්වූ කලාප හතරම නියෝජනය කරයි.

නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වන්නේ කාම්බෝජය, මොන්ගෝලියාව සහ ලාඕසය ය.

මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයට අයත් වන රටවල් වන්නේ ශ්‍රී ලංකාව ,පකිස්ථානය, මාලදිවයින, භූතානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය වේ.

මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ පිහිටි ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, කෙන්යාව , ඉතියෝපියාව සහ ජිබ්‍රට් යන රටවල් ද මීට ඇතුලත්ය.

යුරෝපා සහ යුරෙසියානු කලාපයේ රටවල් වන්නේ, ඇල්බේනියාව, ආර්මේනියාව, බෙලාරුස්, බොස්නියාව, හර්සගොවිනා, මොන්ටිනිග්‍රෝ සහ යුක්‍රේනය ය.

චීනයේ මතය වන්නේ BRI යටතේ , යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන පිටුබලය හේතුවෙන් , වඩා හොඳ ගෝලීය පාලනයකට තමන් සහයෝගය දක්වනවා යන්නය. ඒ සඳහා විවිධ තර්ක ඉදිරිපත් කිරීමට ද චීනය උත්සාහයක යෙදී සිටියි

එහෙත් බටහිර හා ආසියාවේ ඇතැමුන් දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයකි. ඔවුන් පවසන්නේ , චීනය සිය ණය දීමේ ප්‍රතිපත්තියෙන් ,සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ආර්ථික හා භූ දේශපාලන උත්තේජනයක් තමන්ට ලබා ගැනීමට චීනය උත්සාහ කර ඇති බවය.

ලතින් ඇමරිකාව ,අප්‍රිකාව සහ ආසියාව තුළ චීනය සිදු කරමින් සිටින්නේ කොල්ලකාරී ණය දීමක් බව එක්සත් ජනපදයේ නිළධාරීන්ගේ මතය වී තිබේ.

එසේම සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ක්‍රියාකාරීන්, රජයේ නිළධාරීන් සහ පර්යේෂකයින්, චීන ණය දීම පිළිබඳව දරන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

චීනය විසින් මෙහෙයවනු ලබන බොහෝ වාණිජ ව්‍යාපෘතිවල මූල්‍ය, පාරිසරික, සමාජීය සහ දේශපාලන තිරසාර භාවය ගැන මොව්හු කනස්සල්ලට පත් වී සිටිති.

ඇතැම් අවස්ථාවල දී චීනය, මෙවැනි විවේචනයන්ට සවන් දෙන නමුත්, ඒ සඳහා සැබවින්ම කැපවීමක් හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවීමක් හෝ මෙතෙක් සිදු කොට නොමැත.

ඒ වෙනුවට ඔවුන් සිදු කරමින් සිටින්නේ BRI ලේබලය යටතේ, යටිතල පහසුකම් සහ සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස කැපී පෙනීමට ක්‍රියා කිරීම පමණය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා බටහිර සහ චීන ප්‍රවේශයන් අතර ඇත්තේ විශාල වෙනසක් සහ පරතරයකි. කවරෙකුගේ ආකෘතිය වඩා හොඳින් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව ගැටීමේ ප්‍රභවයක් මේ වන විට මතුවී තිබේ.

බහු පාර්ශවීය ආයතනවල සංවර්ධන න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමට චීනය උත්සාහ දරන අතර, යම් අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වැනි ඉහළ අරමුණුවල ස්වරය සහ අන්තර්ගතය හැඩගැස්වීමට පවා චීනය උත්සාහ දරයි.

තාක්ෂණය හා නවෝත්පාදනයන් හී ගෝලීය නායකයෙකු වීමේ අභිලාෂය මෙන්ම, ජාත්‍යන්තර ආර්ථික හා ආරක්ෂක ආයතනවලට අභියෝග කිරීමට ද චීනය වැඩි කැමැත්තක් දක්වයි.

චීනයේ සංවර්ධන ආකෘතිය සහ එහි බලපෑම පිළිබඳ විවාදයක් ඇතිවී ඇති අතර, එම විවාදය නැඹුරු වී ඇත්තේ, විදේශ ආර්ථික ප්‍රතිපත්තිය සඳහා චීන රජය විසින් මෙහෙයවනු ලබන, ධනවාදී ප්‍රවේශය පිළිබඳවය.

චීන රජයේ සියළු තීරණ ගනු ලබන්නේ, පුද්ගලික ව්‍යවසායකයන් සහ බැංකු නොවන ව්‍යාපාර මගිනි. නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ ද ඔවුන් විසිනි.

මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා චීනයේ ප්‍රවේශය පිළිබඳව මේ වන විට ගැටලු රාශියක් උත්සන්න වී තිබේ. ඒ නිසාම චීනය සහ හවුල්කාර රටවල් නැවත සාකච්ඡා කිරීමට සහ ඉගෙනීමට තීරණාත්මක ලෙස අවතීර්ණවීමේ කාලපරිච්ඡේදය උදාවී තිබේ. ඒ අනුව ණය කොන්දේසි සහ ඉඳිකිරීම් කාල නියමයන් පිළිබඳව නැවතත් සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.

චීනයේ ජාත්‍යන්තර සංවර්ධන අභිලාසයන් සමඟ සම්බධ වී සිටින අාණ්ඩු, ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පර්යේෂකයන් සියල්ලෝම එකිනෙකා සමඟ ,චීනයේ මෙම ප්‍රවේශය පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරිමට අවශ්‍ය පරිසරය මේ වන විට ගොඩ නඟමින් සිටිති.

වර්ධනය වෙමින් පවතින චීන ගෝලීය භූමිකාව, දේශීය හා විදේශීය වශයෙන් දැඩි ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන විට , ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ආණ්ඩු , සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ වයාප්ත වන චීනයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගෙන තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය, සිය ඒකාධිපති ආකෘතිය ප්‍රචලිත කිරීමට සහ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට හිතාමතාම හෝ වක්‍රව හෝ හානි කිරීමට දරන උත්සාහයේ ස්වභාවය පිළිබඳව ද දැඩි විවාදයක් මතුවී තිබේ.

ඉන්දු - පැසිෆික් උපාය මාර්ගය යටතේ වර්ධනය වන චීන බලපෑමට මුහුණ දෙන, සංවර්ධනය වෙමින් පවතින කලාපීය රටවල, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීමට තමන් මැදිහත්වන බව ඇමරිකාව පසුගිය නොවැම්බරයේ දී ප්‍රකාශ කර තිබුණි.

මෙවැනි රටවලට චීනය විසින් කරන බලපෑම විසඳිය හැකි හොඳම ආකාරය පිළිබඳව වොෂින්ටනය සලකා බලමින් සිටින බව ඇමරිකාව ප්‍රකාශ කොට තිබේ.

චීනයේ විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී භාවය මුළුමනින්ම පැවරී ඇත්තේ ෂී ජින්පින් වෙතය. අන් කවරදාකවත් නොවූ ආකාරයේ ඒක පුද්ගල පාලනයකට චීනය සමීප කිරීම ඔහු විසින් සිදු කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ චීනයේ බලපෑම වේගවත් කිරීම සඳහා ෂී ජින්පින් තම බලය, විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ ඉහළින්ම භාවිතා කර ඇත.

අනෙක් අතට චීන කොමියුනිස්ට් පක්ෂය, නිදහස් වෙළඳපොල ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තම රට තුළ දිගටම පවත්වාගෙන යන අතර, රට ස්ථාවරව තබා ගන්නා තාක් කල් චීනයේ ,නව ධනවාදී මධයම පංතිය, වත්මන් පාලන තන්ත්‍රය සමඟ දිගටම ඉදිරියට යෑමට සූදානම් යන්න පෙන්වා තිබේ.

ඇතැම් ප්‍රවීනයන් පෙන්වා දී ඇත්තේ , 2025 වන විට චීනය ලෝකයේ විශාලතම මධ්‍යම පංතිය සහිත රට බවට පත්වනු ඇති බවය.

එහෙත් කොරෝනා වෛරසයත් සමඟ ඇති වුණු අනපේක්ෂිත ගෝලීය බලපෑම හමුවේ, සැබැවින්ම චීනයට එම ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ ද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මේ වන විට පවතින බවට කරුණු දිගහැරෙමින් තිබේ. ඒවා මොනවා ද යන්න වෙනම විමසිය යුතු වේ.

සුනිල් ගාමිණීචීන " අඳුරු ණය " උගුලේ සිර වූවන් වෙත යොමුවන බටහිර ඇස..

සුනිල් ගාමිණී

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found