මිත්‍යාව එපා : කොවිඩ් වසංගතය පරද්දන්න මේ පාරෙන් එන්න !

මිත්‍යාව එපා : කොවිඩ් වසංගතය පරද්දන්න මේ පාරෙන් එන්න !
ලංකාවේ ඇතුළේ කොවිඩ් 19 වෛරස යේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩිවුණාද ?, නැත්නම් වෛරසයේ ස්වරූපය වෙනස් වෙලාද ? යන කාරණේ බොහෝ දෙනෙකුගේ සිත තුළ නැගෙන ප්‍රශ්නයක්. පහුගිය දිනවලදී ලංකාවෙන් සොයාගත්තු කොවිඩ් 19 ආසාදිතයින්ට වැළඳිලා තියෙන්නේ කොවිඩ් 19 ‘A’ කාණ්ඩය බව හඳුනාගෙන තියෙනවා. කොවිඩ් 19 වෛරසයේ ජාන සැකැස්ම අධ්‍යනය කරපු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි මේ බව අනාවරණය කෙරුණේ. නව කොරෝනා ‍වෛරසය විද්‍යාත්මකව නම් කෙරෙන්නේ SARS-CoV-2 ලෙසයි.
 
 මේ සම්බන්ධ පර්යේෂණයේ නියැලෙන විද්‍යාඥයෝ මෙහි මූලික කාණ්ඩ 3 ක් හඳුනාගෙන තියෙනවා, ඒ A, B හා C විදියටයි. 
 
කොවිඩ් 19 මුලින්ම හඳුනාගත්තු චීනයේ වූහාන් වල ව්‍යාප්ත වෙලා තිබුණේ කොවිඩ් 19 B කාණ්ඩයයි. යුරෝපා කලාපයේ බහුලව ව්‍යාප්ත වෙලා තිබුණේ C කාණ්ඩයයි. අද වෙද්දි ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන A කාණ්ඩය බහුලව ව්‍යාප්ත වූ අනෙක් රටවල් වන්නේ ඇමරිකාව හා ඕස්ට්‍රේලියාවයි. ඒ අනුව ලංකාවට වෛරසය ආවේ ඇමරිකාව, යුරෝපය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටකින් දැයි කෙනෙකුට සාධාරණ සැකයක් මතුවෙන්නට පුළුවන්. 
 
විශේෂත්වය වෙන්නේ පිටරටකින් පැමිණි මේ වෛරසය අතිදරුණු විදියට තවත් අයෙකුට පැතිරීමේ හැකියාවයි. වෛරසයේ ප්‍රචණ්ඩතාව වැඩි නිසාම අද වෙද්දි මේ වෛරසය වැළඳුණු අයට රෝග ලක්ෂණ නොපෙන්වන තැනට පත්ව තිබීම ඊටත් වඩා භයානකයි. ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට වෛරසය ව්‍යාප්ත වෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොරෝනා ආසාධිතයෙකුගෙන් තවත් කෙනෙකුට දින 7 ත් 10 ත් අතර කාලයකදී රෝගය ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. මේ නිසාම කොවිඩ් 19 ගැන සැහැල්ලුවෙන් හිතන්නට හැකි තත්ත්වයක් අද අපට නැහැ. අනෙක් කාරණේ වෙන්නේ කොවිඩ් වැළඳී ඇති බව සමාජයෙන් සඟවාගෙන සිටීම නිසා අවදානමට ලක්වෙන පිරිස වැඩිවීමයි. 
 
කොරන්ටයින් වීම, නිතර අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම, මීටරයක් දුරින් සිටීම, මුහුණ වගේම ඇස් නිතර නිතර ස්පර්ශ නොකර සිටීම, ජනතාව බහුලව ගැවසෙන පරිශ්‍ර තුළට නොයා සිටීම, පොදු ප්‍රවාහනයේදී මෙන්ම පොදු ස්ථාන වලදී නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පවත්වාගැනීම වගේම හැකි තරම් නිවසටම සිමාවී හිඳීම අත්‍යවශ්‍ය පිළිවෙත් වෙන්නේ මේ නිසාමයි. සැබෑ තත්ත්වය අපි හිතනවට වඩා අතිශය බරපතලයි. අපි විසින්ම පිළිපැදිය යුතු මේ පිළිවෙත් නිසිලෙස සපුරාලන්නේ නැතිවිට සිද්ධවෙන්නේ රජය මැදිහත්වී හෝ ජනතාව නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින තත්ත්වයට පත්කරන්නටයි. 
 
හිසරදය, කැස්ස, මස්පිඬු වේදනාව, ශ්වසන අපහසුතා, උණ හා වෙහෙසකාරී බව කොවිඩ් 19 ශරීරගතවී ඇති බව පෙන්වන මූලික සාධක වෙනවා. උණ රෝගී තත්ත්වයකින් ඇරඹිලා, වියළි කැස්ස ඇතිවෙලා සතියකට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම මේ රෝගය වැළඳී ඇති බව පෙන්වන ලක්ෂණ වෙනවා. තමන්ගේ ජීවිතේ වගේම පවුලේ ආදරණීයයන් හා සමාජයේ ඉන්න අනෙක් පිරිසගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තියෙන්නේ අපිටමයි කියන වග අමතක නොකරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න