Language Switcher

V2025

මැදමුලනය ගෙදර යනු (01): වීරයා පීඩකයා වීම හෙවත් කුස්සිය හිස්වීම !

“අනේ මගේ ළමයිනේ අඬනකොට
මොනවද උඹලට මම දෙන්නේ,
වනේ සිටින දෙයියෝ අද ඇත්නම්
මැද මුලනේ හතරට පලනවනේ ...”

මුදලට මලපෙරේත මහින්දයිනි, බැසිලයිනි, චමලයිනි, නාමලයිනි, ඝෝඨාවෙනි, සියළු මැදමුලනයිනි,

තමුන්නැහේලා ගැන අවංක ඇත්තම කියනව නම්, තමුන්නැහේලා වගේ නවනිංගිරාවක් ගැන දන්නැති, විලිලැජ්ජාවක් අඳුනන්නැති හැතිකරයක් ගැන යමක් ලියන්න කියල හිතනකොට පවා ඇඟේ මාළු ගඟේ නටනව. තමුන්නැහේලා, මේ රටේ ඉන්න ප්‍රමිතිගත විෂයන් ගැන හයහතර නොදන්න නූගත් වරිගවාදී බහුතර ජනයාගේ ගොං තකතීරුකං දඩමීමා කරගෙන කෙලපු නුහතයක් තරම් මගඩිවලින් එකක් හරි ඇමෙරි-යුරෝ රටකට එහෙම කළා නම්, අඩුම තරමින් ලඟ තියෙන ඉන්දියාවටවත් කළා නම් එහෙම, මේ වෙනකොටත් තමුන්නරහේලාව දූවිලි බවට කුඩුසංසාර කරල මකබාවා ඇරල.

ඒ නිසා දේශපාලනය සහ දේශපාලකයින් ගැන අනාගත දැක්මක් නැති මේ රටේ හැට නව ලක්ෂයක් නූගතුන් තමුන්නැහේලා වගේ වාහෙලාට චන්දය දීල පුටු උඩ නග්ග ගත්තේ, තමුන්නැහේලා මහ වීරයෝ කියල හිතාගෙන. දැන් මේ වීරයින්ගේ සිංහ හම ගැලවිලා, හිවල් හම පෙනිලා, මෙයාලා පීඩකයින් බව හෙළිදරව්වෙලා පාරක් පාරක් ගානේ වීරයාට “පිස්සෙක් පිස්සෙක්” කියමින් වරිග ජනයා මොරදෙන මොහොතක, යුද්ධය දිනා දුන්නේ මැදමුලනයයි කියන එකේ අර්ධ-සත්‍යය පැහැදිලි කරදෙන්න අපට වෙලාව ඇවිල්ල තියෙනව.

1

මැදමුලනයෙන් ආපු තමුන්නැහැලා ඕන කෙනෙක් හරි ම අකමැතියි පැහැදිලි සත්‍යයට. ඒ වගේ ම තමුන්නැහෙල හරි ම අකමැතියි පැහැදිලි අසත්‍යයටත්. ඒත් තමුන්නැහැලා හරි ම කැමැත්තෙන් පෙම් බඳින්නේ අර්ධ-සත්‍යයට හෝ අර්ධ-අසත්‍යයට. මොකද මොනව කරල හරි, කිසිම හිරිකිතයකින් තොරව ගාණ කඩාවඩා ගන්න තියෙනව නම්, මැදමුලනයේ තමුන්නැහෙලට ඊට වඩා සැපක් නැති බ ව දැන් රටට ම මුළුමනින් තේරිලා ඉවරයි.

දැන් අපි යුධ ජයග්‍රහණයේ වීරයින් කවුද කියන එකේ අර්ධ-සත්‍යය පියවි සිහියෙන් විමසල බලමු!

jrඅපි දන්න විදිහට, 1987 වසරේ එල්ටීටීයේ දෙමල ආන්තික ත්‍රස්තවාදයට විරුද්ධව වඩමාරච්චි මෙහෙයුම කළේ රාජ්‍යතාන්ත්‍රික දැනුමින් තමුන්නැහේලට ගෑවෙන්නවත් බැරි තරම් ඉහළ මට්මක හිටපු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති අනුමත කරපු සැලැස්මකට අනුව, ලලිත් ඇතුළත්මුදලි ජාතික ආරක්ෂක ඇමති වෙලා, ජෙනරල් සිරිල් රණතුංග ඔපරේෂන් කමාන්ඩර් වෙලා, කර්නල් ලයනල් බලගල්ලෙ රටේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වෙලා හිටපු වෙලාවක. වෙනත් විදිහකින් කිව්වොත්, එවකට රටේ දේශපාලනය සහ ඊට සමාන්තර යුධ යන්ත්‍රය මෙහෙයවන්න පුළුවන් හොඳ ම ක්‍රීම් එක තමයි ඒ සටන දියත් කළේ.

කවුරුහරි වැරදියට හිතන් ඉන්නව නම් වඩමාරච්චි යුධ සටන පැරදුනා කියල, ඒක වැරදි අර්ථකතනයක්. වඩමාරච්චි සටන පැරදුනා නෙවෙයි, අතරමග නැවතුනා. කලාපීය දේශපාලනය මැදිහත්වෙලා ලෝකයේ හතරවෙනි හමුදාවේ ගුවන් හමුදා ඒකකය විසින් අන්තර් ජාතික නීතිය උල්ලංඝනය කරමින් අපේ ගුවන් සීමාවට බලෙන් කඩාවැදිලා, යාපනේට උඩින් පරිප්පු අතඇරලා “එල්ටීටී එකට තව ගැහුවොත් වැඩේ නරක අතට හැරෙයි ඕං” කියල නීතිවිරෝධී තගක් දැම්ම හින්ද, අපිට යුද්ධය නවත්වන්න සිද්ධ වුණා. මොකද එම්.ජී.ආර් මහ ඇමති ප්‍රමුඛ දකුණු ඉන්දියානු ප්‍රවාහ මැදිහත්වෙලා ඉන්දීය අගමැති රජීවීට ගාන්ධිට බලපෑම් කළා, ලංකාව මට්ටු කරන්න කියල.

ඒ වෙලාවෙ ඉන්දීය මහරජයටත් ලංකාවෙ විදේශීය ප්‍රතිපත්තිය එක්ක පිරිමහගන්න කෝන්තරයක් තිබුණ හින්ද, රජීව් ගාන්ධි එයාගේ ගුවන් හමුදාව ලවා යාපනේට පරිප්පු දැම්මුවා. ඒ වෙලාවෙ ඇමරිකාව පාලනය කරපු රොනල්ඩ් රීගන් ජනාධිපතිවරයා ජේ.ආර්ට කියල තියෙන්නේ, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එක්ක කතා කරල ප්‍රශ්නය විසඳගන්න කියල.

2

ඌරගෙ මාළු ඌරට ම ඇඟේ තබා කපාගනිල්ලා කියල වැඩේ කමුමුතු කරළ දැම්මා. ඒකෙන් වුණේ යුද්ධයේ ස්වරූපය වෙනස් වෙලා, නිරායුධ වෙන්න අකමැතිවූ එල්ටීටීය හට ඉන්දියන් හමුදාව එක්ක සටන් කරන්න සිද්ධ වුනා. ඒ විතරක් නෙවෙයි, තමන්ට මිතුරු සහ උදව්කාර ලොකු සහෝදරයෙක් වෙලා හිටපු ඉන්දියාව එල්ටීටී එකේ සටන්කාමීන් මරා දමන හතුරු පාර්ශවයක් බවට පත්වුණා. මාසයක් ඇතුලතදී සියල්ල කනපිට හැරුණා.

මේ තත්වය පාලනය කරගන්න බැරුව අන්තිමට එල්ටීටීයට සිද්ධ වුනා, මරාගෙන මැරෙන බෝම්බවරියක්ව දාල රජීවී ගාන්ධිව කෑලි කරල මරල දාන්න. ඊට පස්සේ ඉන්දීය පරිපාලනයේ කොන්ග්‍රස් පාක්ෂික පාර්ශවයන් ප්‍රමුඛ ඉන්දීය ආරක්ෂක අංශය, එල්ටීටීය තම රාජ්‍ය ආරක්ෂක අංශ අභියෝගයට ලක්කළ ඉන්දියානු නීතියට විරුද්ධ පාර්ශවයක් විදිහට නම් කෙරුවා. රජීවී ගාන්ධිගේ බිරිඳ වන ඉතාලි ජාතික සෝනියා ගාන්ධි ඉන්දු-ලංකා ගිවිසුම නිසා වැන්දඹුවක් බවට පත් වුණා. ඉන් මතුවට අනාගත දේශපාලන තරඟකාරියක් නොවෙන්න තීරණය කලාට, ඇය කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රධානියා බවට පත් වුණා.

මේක එක කොණක්.

COLOMBO, SRI LANKA:  Sri Lanka's opposition leader Ranil Wickremesinghe (R) is received by Norway's special peace envoy Erik Solheim (L) in Colombo, 17 September 2004, at the end of his latest mission to try to revive the island's stalled peace talks with Tamil Tiger rebels. Solheim failed to clinch a deal to resume negotiations stalled since April 2003.    AFP PHOTO/Sena VIDANAGAMA  (Photo credit should read SENA VIDANAGAMA/AFP via Getty Images)ඊළඟට 2002 වසරේ පෙබරවාරි මාසේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇවිත් නෝර්වේ රාජ්‍යයත් මැදිහත් කරගෙන එල්ටීටීයේ ප්‍රභාකරන් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කරල, යුද්ධයේ පීඩනය තාවකාලිකව නවත්වල දැම්ම.

ප්‍රායෝගිකව සැපයුම් තුළ ප්‍රභාකරන්ගේ අසමාන සැලකීම් පදනම් කරගෙන, ඒල්ටීටීයේ නැගෙනහිර පාර්ශවය (කරුණාගේ පාර්ශවය) සහ ප්‍රධාන පාර්ශවය (ප්‍රභාකරන්ගේ පාර්ශවය) අතර අළු යට සැඟවුණ විරසකකමක් සහ එදිරිවාදීකමක් තියෙන බව රනිල් මැප් කරගත්තා. රනිල් වෙනත් මාර්ගවලින් කරුනාට උඩගෙඩි දී ඔහුව රට යවා සිංජගප්පූරුව පෙන්වා, සිංගප්පූරුවේ සැප සහ ලස්සන රසවිඳින්න්ට සලස්සවා කරුණාව එල්ටීටීයෙන් බිඳෙන්නට කටයුතු කළා. ඒකෙන් කරුණා හරහා උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ගේ ගරිල්ලා යුධ තිප්පලවල්, සැලසුම් සහ යුධ රහස් සහ සැඟවී සිටින තැන් එළිදරව් කරගන්නට ආරක්ෂක අංශනවලට පුළුවන් වුණා. ඊට පස්සේ ප්‍රභාකරන් මේ වෙච්ච ලොස් එක ඉදිරියේ සතුරාට වඩා ද්‍රෝහියා භයානක බව පවා පවසල තියෙනව. ඒත් එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

මේක දෙවෙනි කොණ.

ඝෝඨා සහ මහින්ද විසින් සරත් ෆොන්සේකාව දකුණු ලංකාවේ යුධ නායකයා කරනකොට හොඳට ම දැනං හිටියා ඝෝඨාට කරන්න බැරි නිසා සරත්ට වැඩේ භාරදුන්නේ කියල. අනික මහින්ද කෙලින් ම මාධ්‍යවලට ප්‍රකාශ කළා, “මගේ සහෝදරයා කිව්වා සරත් තමයි නියම සුදුස්සා” කියල. ඒත් එහෙම කියනකොට යුද්ධයේදී සරත්ට තිබුණ කොන්ද කෙලින් ගතිය, පසුවට මැදමුලනයෝ කෙලින දහජරා වැඩ ඉදිරියේ නොපෙන්වා ඉඳියි කියල මැදමුලනයො කොන පටලවගත්තා.

ඉතිං එයාල හිතුව තනතුර දුන්න එකේ බත්බැලකොමට මොන මගුල කළත් සරත් කට පියන් ඉඳියි කියල. ඒක එහෙම වුණේ නැහැ. සරත් කොන්ද තියෙන බව දිගට ම පෙන්නුවා. මැදමුලනයො වන තමුන්නැහැලා මේ ගැන නොදන්නව නෙවෙයිනේ හලෝ!

මුදලට ලොල් මහින්දයිනි, බැසිලයිනි, චමලයිනි, නාමලයිනි, ඝෝඨාවෙනි, සියළු මැදමුලනයිනි,

ඊළඟට සරත් ෆොන්සේකාව හිරේට යන බව මාධ්‍ය හරහා පතුරවමින්, ඒ කරන්නේ අසාධාරණයක් බව බව දැන දැනත්, සරත්ගෙන් බැහැර මැදමුලනයින් පමණක් වීරයින් බවට ජනතාවට ඇස්පනාපිට වරදවා වටහගන්නට සැලැස්සූවාට තමුන්නැහැලා ඇත්ත ම ඇත්ත දන්නවනේ. සරත්ට කියල වැඩේ කරවගෙන සරත්ව පාවා දීල, යුධ ජයග්‍රහණයේ පොල්මංකාර අයිතිය තමුන්නැහැලා සතුකරගත්තා මතකද?

5

“යුද්ධය දිනවපු සැබෑ වීරයා ඝෝටා නම්, මහින්දට ජෙනරල් සරත්ව යුද්දෙට යවන්නේ නැතුව, මුළින් ම ඝෝටව ම අණ දෙන නායකය කරල, සරත්ව ආරක්ෂක ලේකම් කරල යවන්න තිබුණනේ?” ගියානං ඝෝටා පරදින බව ඝෝටයි මහින්දයි කියන තමුන්නැහෙලා දෙන්න ම දන්න හින්ද තමයි, සරත්ව යැවුවෙ.

ජීවිතය පරදුවට තියල එහෙම උදව්වක් කරපු සරත් ගැන මැදමුලනයේ තමුන්නැහෙලට හෘද සාක්ෂියක් නැහැ. ඒක අපි එච්චර ගණං ගන්නේ නැහැ. ඒක තමයි තමුන්නැහැලගේ මැදමුලනීය වරිග ගතිය. රටේ මෙතෙක් බිහිවූ සියළු පාලකයින් අතරින්, තමන්ට උදව් කළ අයට විරුද්ධව පවා කිසිදු හෘදසාක්ෂියකින් තොරවව ඕන ම කුප්ප වැඩක් කරන්න පුළුවන් තරමේ බලු හිවල් කල්ලියක් තමයි මැදමුලනයෙ තමුන්නැහැලා.

ඒක තුන්වෙනි කොණ.

soina karunaකරුණාගේ පාවාදීම සහ සරත්ගේ යුධ මෙහෙයුම්කරණය හරිහමං විදිහට සිද්ධ වුණත්, නිකමටවත් දකුණු ඉන්දියාවෙ තුන් පාරක් මහ ඇමති බවට පත්වී තේරුණ කරුණානිධි මේ යුද්දෙට කැමැති වුණේ නැහැ. එයාට කලින් 1987 ඉන්දියාවෙ මහ ඇමති වෙලා හිටපු සිනමා නළු එම්. ජී. රාමචන්ද්‍රන් රජීව් ගාන්ධිට බලපෑම් කළා වගේ කරුනානිධිත් ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට බල කළා එල්ටීටීයේ පැත්ත අරන් යුද්ධය නවත්තන්න කියල.

ඒත් මෙදාපාර කොස්සක් තිබුනණා. ඒ තමයි ඉන්දු-ලංකා ගිවිසුම හින්ද වැන්දඹුවක් වෙච්ච ඉතාලි ජාතික සෝනියා ගාන්ධි. සෝනියා ප්‍රභාකරන්ට විරුද්ධව කරුනානිධිගේ ඉල්ලීම කොන්ග්‍රස් පක්ෂය තුළ අවප්‍රමාණය කළා. ඇය තදින්ම කියා සිටියා ප්‍රභාකරන්ට නීතියෙන් දඬුවම් කළ යුතු බව. අනික් අතින් ප්‍රභාකරන් සහ එල්ටීටීය ඉන්දියාවේ අගමැති ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ චෝදනාවට ලක්වෙලයි හිටියේ.

6

නිකමට හරි ඉන්දියාව ආයෙත් පරිප්පු දැම්ම නං මොන කයිවාරු ගැහුවත් වැඩක් නැහැ, මුළු මැදමුලනයට ම නැට්ට පස්සේ ගහගන්න වෙනව. නැත්තං මරිකමට ගෝරි දාගන්න ගිහිං ලෝකේ හතරවෙනි හමුදාවෙන් අම්බානක කන්න වෙනව.

ඒ හින්ද රටේ යුද්ධයෙන් සීයට අනූවක් දිනවන්න හේතු වුණේ, සෝනියාව වැන්දඹුවක් කරපු ඉන්දු-ලංකා ගිවිසුම හදපු ජේ.ආර්, කරුණාව එල්ටීටීයෙන් ගවපු රනිල්, තමන්ට දුන් වැඩේ කැපවීමෙන් නීට් එකට කරපු සරත් සහ යුද්දෙන් මැරුනු සොල්දාදුවන් දහස් ගණන් ජීවිත මිසක මැදමුලනය නෙවෙයි. ඒ අතරින් පොත් විසිදහක් කියවපු ජේ.ආර්. ප්‍රධාන මුල්ගලක් වගේ ඉන්ද්‍රකීලයක් සේ ඉස්මතුවෙනව. මෙතනදි මැදමුලනය කළේ අතරමැද ටෙලිෆොන් ඔපරේටර් කරනව වගේ බ්‍රෝකර් වැඩක් විතරයි.

ඒ හින්ද මොන ජයග්‍රහණය පස්සෙ වුණත්, ගැඹුරින් හදාරපු ප්‍රායෝගික තියරිකාර බුද්ධිමතෙක් නොපෙනී ඉන්නව. මෙතන ඒක කරපු කෙනා ජේ.ආර්. ජයවර්ධන. එයාව මේ වගේ මතුකරල පෙන්නුවොත් මිසක් ඉබේ පේන්නේ නැහැ. මොකද එවැනි බුද්ධිමතුන් වැඩ කරන්නෙම, මැදමුලනයො වගේ පේන්න නෙවෙයි, අවශ්‍යතාව අනුව විතරයි.

7
අර්ධ-සත්‍යය කියන්නේ ගේමක්. මොකද අපි දන්නේ නැහැ, ඒක ඇත්තද නැත්ත ද කියල. මේ තිරිසන් අර්ධ-සත්‍යය වපුරල තමන්නැහෙලට මේ රට වවාගෙන කන්න පුළුවන් මාළු අහිනක් බවට පත් කරල දෙන්න වේදිකාවල උගුර කඩාගෙන කෑ ගහපු, සමාජවාදෙන් ජාතිවාදයට මාරුවී පක්ෂ පාවාදුන් විමල් වීරවංශට හෙණ ගහනව.

ඒ හින්ද මේ තුන්හේතුව නොවෙන්න තමුන්නැහෙල යුද්දෙට කරපු මහ කෙන්ගෙඩියක් නැහැ. තමුන්නැහෙල විලි ලජ්ජාවක් නැතිව වැඩි වශයෙන් කළේ එක දෙය යි. ඒ තමයි යුධ ජයග්‍රහණය වවාගෙන කෑමෙනුත් එහා ගොසින්, ආර්ථිකය හැඳිගෑවිලා යන පරිදි ගසාගෙන කෑම.

මුදලට මලපෙරේත මහින්දයිනි, බැසිලයිනි, චමලයිනි, නාමලයිනි, ඝෝඨාවෙනි,

ඉතිං මෙයාල වැරදි කරද්දි කරද්දිත් ජනයා මෙයාලට චන්දෙ දෙනකොට මෙයාල තමුන්නැහෙලා වඩා ඔළුවට ගත්තා. පොතක් පතක් කියවන්නේ නැති තමුන්නැහේලා හිතුවේ, මොන මගුල කරල වුණත් ආයෙ ආයෙ දිනන්න පුළුවන් කියල. ලක් කොදෙව්වේ වරිග වැසියන් එහෙම රවට්ටගන්න පුළුවන් උනහම, තමුන්නැහෙල හිතුව අයි. එම්. එෆ්. එක වගේ ගෝලීය ආයතනවලටත් තග දාල නොරොක් කරගත්තත් කමක් නැහැ කියල. ආර්ථිකය වැටෙන්න යන මොහොතක රට භාරගත්තහම, මැදමුලනෙ තුමන්නැහැලා වගේ මීහරක්, ආර්ථිකය තියා මොන විෂයවත් හදාරන්නට විනයක් නැති ශරීරයෙන් උඩභාගෙ හිස් ගම්මුලාදෑනියෝ හින්ද, අඩුම තරමින් ඒක පිලි අරගෙන, ආර්ථිකය දන්න, විශේෂයෙන් ගෝලීය ආර්ථිකය කියන්නේ මොකක්ද කියල දන්න විද්වත් පිරිසක් යොදවල ආර්ථිකය මෙහෙයවන්න තිබුණා. මොලේ කදළඳක්වත් තිබුණ නම් එහෙම කරන්න තිබුණා.

තමුන්නැහෙල එහෙම කළේ නැහැ. මෙදාපාර බාරගත්තු ආර්ථිකය ගසාකෑමකට ඔරොත්තු දෙන්න පුළුවන් තරමේ එකක් නෙවෙයි කියල විද්වුතුන් කියද්දීත්, තුමන්නැහේලා ලක් ඉතිහාසයේ මහා ම ගසාකන්නා වූ බැසිල් කාක්කව මුදල් ඇමති කරගත්තා. බැසිල්ගේ ගොන්කම හොඳට ම තේරෙන අජිත් කබ්රාල් මධ්‍යම බැංකුවේ ගවනර්වරයා විදිහට පත් කළා. බැසිල් සහ මැදමුලනය ආර්ථිකේ ගැන නොදැන ගසාකෑවා. කබ්රාල් දැන දැන ම ගසා කෑවා. හැමදාම ජාතිය ඉස්සරහට දලා ආර්ථිකය පස්සේ හදන්න පුළුවන් කියල හිතං දේශපාලනය කතා කරපු චම්පිකගේ දේශපාලන කතිකාවේ ආතුරයෝ වෙච්ච විමල් සහ ගම්මන්පිලට මේ සිද්ධවෙන ආර්ථික අර්බුදේ තේරුම් ගන්න බැරුව, ඔරේමන්දම්වෙලා, ඔක්කොම වැරදි බැසිල් ගොයිය මත්තේ පටවල සීරුවෙන් මාරුවෙලා ගියා.

8

දැන් දශක කිහිපයක් ගෙවිල හරි ජනතාවගේ බඩවල් හරහා ජනතාවට දැන් තේරිල ඉවරයි. තමුන්නැහේලට බැහැ කියලත් තේරිලා ඉවරයි. ඒ හින්ද තමුන්නැහේල යනකං ම ඒක ආපහු හැරෙන්නේ නැහැ.

ඒ හින්ද පව් නොදී ඉක්මනින් තොලොන්චි වෙලා හෝ වාෂ්පවෙලා රජයේ සහ ආණ්ඩුවේ වගකීම්වලින් ඉවත්වෙල ගෞරවනිය විදිහට යනවල හලෝ යන්න! නැත්තං එළඹෙන ජූනි මාසයේ මොකවත් ම නැති වුණහම, ජනතාව තමුන්නැහෙලාගේ කෑලි ඉරාගෙන කාවි.

මීට
මහසෝනා

FB IMG 1649772157803