Language Switcher

V2025

මාරාන්තික "රා" පානයක් ඇවිත් : සෞන්දර්යේ සිසුවෙක් දැනටමත් බිලි!

ස්වාභාවිකව නිෂ්පාදනය කරන තල් රා, පොල් රා, කිතුල් රා ආදිය දුරාතීතයේ සිට අපේ රටේ ගැමි ජනජීවිතය සමඟ බැඳී තිබුණි. එසේ නමුත් රා බී මැරුණු මිනිස්සු ගැන අපේ රටේ ඉතිහාසයේ අප අසා තිබුනේ නැත. 

එහෙත් පහුගිය දා කෘතීම රා පානය කිරීම නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මිය යාම පිළිබඳ  සිදුවීමක් වාර්තා විය. පැහැදිලි ලෙසම මෙය ස්වභාවික රා නිසා සිදු වූ මරණයක් නොවන බව මේ වන විට ප්‍රකාශ වී ඇත. 
දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව මෙම කෘතීම රා නිෂ්පාදනය කිරීමට මුලික වශයෙන් භාවිත කරන්නේ සිනි, යුරියා සමඟ වතුර ය. තවද මෙම රා පැසීම වේගවත් කිරීම සඳහා පරණ බැටරි පවා යොදන බව තහවුරු කරගෙන ඇත.!!! 

මේ අනුව පසුගියදින කෘතීම රා පානය කිරීමෙන් මියගොස් ඇති තරුණයා මිය ගියේ යුරියා විෂ වීමෙන්ද එසේත් නැතිනම් පරණ බැටරි වල අඩංගු විෂ රසායනිකයක් නිසාද යන්න මේ වන විට තහවුරු වී නොමැත. දැනට ස්වභාවික රා සහ කෘතීම රා ලෙස වෙන කරගැනීමකින් තොරව පොදුවේ රජයේ සුරාබද්දට මෙම නිෂ්පාදන යටත් වන නමුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙවැනි මාරාන්තික නිෂ්පාදන නිසි සොයාබැලීමකින් තොරව වෙළඳපොළට පැමිණීම මහජනතාවගේ පැත්තෙන් බලන විට ඛේදවාචකයකි. තවද බදු ගෙවන්නේ නම් ඕනෑම කුණු ගොඩක් මහනජයාට පරිභෝජනය කිරීමට වෙළඳපොළට ගෙන ආ හැකිද යන ප්‍රශ්නය රජයෙන් විමසිය යුතුය. 

මේ පිලිබඳව අදහස් පලකළ නම හෙළි කිරීමට අකමැති වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ මෙම කෘතීම රා පානය කිරීමත් යුරියා දිය කර පානය කිරීමත් අතර වෙනසක් නැති බවයි. මෙමඟින් ශරීරයට වන හානිය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙම කෘතීම රා වල අඩංගු විෂ රසායනිකයන් නිසා අස්ථි පද්ධතිය දිරා යාමේ දැඩි අවධානමක් පවතින අතර මේ කෘතීම රා වලට එකතු කරන පරණ ඵ්හොනෙ බැටරි වල ඇති විෂ රසායනිකයන් වකුගඩු රෝගවලට අතවනන්නක් බව ප්‍රකාශ කළේය. 
 
අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ රටේ මහජනතාවගේ පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු මෙවැනි නිෂ්පාදනයන් සහමුලින්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට රජය විසින් දැඩි පියවර ගත යුතු අතර මෙවැනි මාරාන්තික නිෂ්පාදන සිදු කරන්නන්ට එරෙහිව දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියද කඩිනම් කිරීම රජයේ අත් හැරිය නොහැකි වගකීමකි.!!!

 [Gossip Lanka Political]