පිදුරංගල ගැන ජාතික ජනමාධ්‍ය කියූ බොරු 9 ක් !

පිදුරංගල ගැන ජාතික ජනමාධ්‍ය කියූ බොරු 9 ක් !

පිදුරංගල අඩ නිරුවත් ඡායාරූප ගැන ලංකාවේ ජනමධ්‍ය වාර්තා කළ කරුණු බහුතරයක් අසත්‍යය. නම් ගම් පවා වැරදිය. පට්ටපල් බොරු සහ අතේ රෝල් ය.

පහතින් දැක්වෙන ඡායාරූප මේ ගැන පළවු ඒවාය. මේ ඡායාරූප අත්අඩංගුවේ පසුවන ළමුන්ගේ නොවේ. වෙනත් පුද්ගලයින්ගේ ඒවාය. මේ ළමුන් ගේ කය ඇති එක ද ග්‍රැෆික් පොටෝවකි.රටක් බොරුවෙන් ඇන්ද වූ, පිදුරංගල මාධ්‍ය වාර්තා ගැන නිරීක්ෂණ කිහිපයක් මෙසේය.එයින් කිහිපයක් පමණක් මෙසේය.

  1. 1. ළමයින්ට නඩු පවරා ඇත්තේ පොලිස් අඥාපනත හෝ අසභ්ය ප්රකාශන පනත යටතේ නොව ඇප ලබා දිය නොහැකි පුරා විද්‍යා පනතක් අල්ලාගෙන ය. දඩුවම ගැන රූපවාහිනී නාලිකා කියූ ගණන් ඉලක්කම් ද, සත්‍ය නෙවේ.
    2. පිදුරංගල නායක හාමුදුරුවෝ ආනන්ද හිමියන් නොවේ. ආනන්ද හිමි ට මේ ස්ථානයට ඇතුළුවීම තහනම් කළ අධිකරණ නියෝගයක් තිබේ. පිදුරංගල නායක හිමියන් ගේ නම පූජ්ය පුබ්බලියේ හිමි ය.
    3. පැමිණිල්ල් දැමූයේ ආනන්ද හිමි යැයි මධ්‍ය කියයි. උසාවි වාර්තා අනුව නම්, සැබෑ පැමිණිලිකරු ඔහු නොව, ආනන්ද හිමි එවූ දායක සභාවේ කෙනෙකි.
    4. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ උවමනාවට මෙය පුරා විද්යා පනතට හරවා ඇත. එයට උපදෙස් මණ්ඩාවලගෙනි. පොලීසිය පැමිණිලිකරු, පළමුවන සාක්ෂිකරු බවට පත් කරයි. නමුත්, තමන්ට පැමිණිල්ලක් දමන්නට මණ්ඩාවල කියූ බව උසාවියට දැමූ බී වාර්තාවේ ද දැක්වේ.
    5. පොලීසිය වාර්තා ඉල්ලන්නේ ද මණ්ඩාවලගෙනි. ඒය ලබා නොදෙන්නේ ද පුරා විද්‍යා අධ්‍යක්ෂ මණ්ඩාවල ය. ඒ නිසා ළමයින්ට ඇප නැත.
    6. සැප්. 3 දා ඒ වාර්තා උසාවියට නැත. ඒ නිසා ආයෙත් ළමයි හිරේය. ඒ කථා ජනමාධ්‍ය එකක්වත් කියන්නේ නැත.
    7. තමන් සිසුන්ට සමාව දෙනවා යැයි හාමුදුරුවෝ ජනමාධ්‍යයට නිවේදනයක් ලබාදෙයි. නමුත්, ඒ ගැන අධිකරණයට දිවුරුම්පෙත්සමක් ඉල්ලන්නට යන දෙමාපියන්ට හා නීතිඥයාට ආනන්ද හිමි එය දෙන්නට බෑ කියයි.
    8. පැමිණිලිකරු ගැන කිව්ව කථා සමහරක් ද ඇත්ත නොවේ. වොයිස් කට් දුන්නේ පිදුරංගල සැබෑ නායක හාමුදුරුවන් නොව, අධිකරණ නියෝගයකින් එහි අයිතිය අහිමි කර, මේ ස්ථානයෙන් ඈත වෙනත් පංසලක් සාදාගෙන සිටිනා භික්ෂුන් වහන්සේ නමකි.
    9. ලෝකයේ වැඩිම සෙක්ස් සොයන රට ‘පුකක්‘ නිසා කර ගත් හදිය තේරුම් ගැනීමට මේ පසුබිම වැදගත්ය. පිදුරංගල ගැන ඔබ තොරතුරු ලබා ඇත්තේ කුමකින් ද?
    තමන්ගේ කුණු රස තවරා වැල කථා ප්‍ර‍වෘත්ති ලියූ අයගෙන් ද?
    ‘නිවැරදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමා වී හෝ කවදා හෝ කාගේ හෝ වහළුන් බවට පත් වනු ඇත්තේය යැයි වරක් හැරල්ඩ් ලැස්කි පවසා ඇත.
    අපි නම් දැන් ඒ තත්වයට ලගයි ලගයි වාගේය.
    (මානව හිමිකම් කේන්ද්‍රය )
    43563924 10215369621607294 5790254215867662336 n
    43408185 10215369621447290 1147419827594330112 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න