විජේගුණරත්නගේ බිරිඳත් කිපෙයි ! 

විජේගුණරත්නගේ බිරිඳත් කිපෙයි ! 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත් පසුගිය නොවැම්බර් 28 දින රාත්‍රී ඔහුගේ බිරිඳ වන යමුනා ද සේරම් මහත්මිය හමුදා මූලස්ථානයේ අවන්හලට පැමිණ කළහකාරී ලෙස ලෙස හැසිරී බලහත්කාරකම් පා ඇතැයි වාර්ථා වේ.
 
එදින රාත්‍රියේ නාවික හමුදා මූලස්ථානයේ නිළධාරී, අවන්හල තුළ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇත.
 
එම දිනයේ රාත්‍රී 8.30ට පමණ අවන්හලේ පුවත්පත් බලන ස්ථානයේ සිට මත්පැන් පානය කරන ස්ථානයට රවින්ද්‍ර විජේගුණරත්නගේ බිරිඳ සහ ඇගේ පුත්‍රයා පැමිණ ඇත. එම අවස්ථාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ හා නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂකවරයාගේ ෆෑලෑග් ඔෆිසර් යනුවෙන් හඳුන්වන නිලධාරීන් දෙදෙනා ඇයට ගුඩ් මෝර්නිං මැඩම් යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත. එහිදී ලුතිනන් කර්නල් ලක්සිරිගේ නම කියමින් අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇත. එම අවස්ථාවෙන් මඟහැරීම සඳහා ලුතිනන් කර්නල් ලක්සිරි අවන්හලේ වෙනත් දොරටුවකින් පිටවී ඇති අතර එම අවස්ථාවේ එසේ පිටවී යන්නේ කවුදැයි රවින්ද්‍ර විජේගුණරත්නගේ බිරිඳ විමසා ඇතත් ඔහු එයට ප්‍රතිචාර නොදක්වා පිවවී ඇත.
 
ඉන් පසු අවන්හලේ මත්පැන් පානය කරන කොටසේ ඉතිරිවී සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාට සහ අනෙකුත් සේවකයන් දෙදෙනාට පිටතට යන ලෙසට නියෝග කර ඇති ඇය සහ ඇගේ පුත්‍රයා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ රාත්‍රී 10 පසුවන තුරු පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාවක නිරත ව සිට ඇත.
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න