කුමන්ත්‍රණයට එරෙහිව සියළු සමාජ සංවිධාන : එක පෙරමුණක සිට හෙට විරෝධයක !

කුමන්ත්‍රණයට එරෙහිව සියළු සමාජ සංවිධාන : එක පෙරමුණක සිට හෙට විරෝධයක !

ඉතිහාසයේ රට මුහුණ දී ඇති බරපතලම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අබියස මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලු සංවිධාන එක සටන්  පෙරමුණක් ලෙස සහභාගී වීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් සංවිධානය වන විරෝධතා උද්ඝෝෂණය හෙට (12)  සවස 3.30ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්වෙයි.

ඊට  අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව, අලුත් පියාපත්, අලුත් පරපුර, කාන්තාව හා මාධ්‍ය සාමුහිඛය, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුළන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුම, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු, මාරුතයේ හඬ, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ,  රයිස් අප් ශ්‍රී ලංකා, සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු,වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, සාධු ජනරාව, සමබිම ඇතුළු සමාජ සංවිධාන රැසක් එක්ව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න