Language Switcher

V2025

අයිපල් කුළුනේ පියගැට පෙළක් වෙන්දේසියේ විකිණේ

ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටා ඇති අයිෆල් කුලූන පුදුම හතේ දැවැන්තයෙකි. මෙම කුලූන ප‍්‍රංශයේ හදවත ලෙස ප‍්‍රංශ ජනතාව විසින් සලකනු ලබයි.

යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුලූන සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස මෙම නිර්මානය බිහිවූ 1889දී ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප‍්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය.

ප‍්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංýනේරුවාගේ විස්මිත නිර්මානයක්වූ මෙම දැවැන්ත සුන්දර යකඩ කුලූන දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ‍්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. දෙඅත් පිරිමදිමින්, සිපවැළඳ ගනිමින්, ආදර බස් දොඩමින් යකඩ කුලූනේ පියගැට පෙල තරනය කරන ආදරවන්තයන්ට; අසලින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සුලං රැුලි ඔවුනගේ විඩාව සංසිදුවයි. ආදරයෙන් පිරීගිය අයිෆල් කුලූනේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය නොවැම්බර් 27 වෙනිදාා පැරීසියේදි ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී විකුනුවේය. දෙවන හා තෙවන මහල අතර පිය ගැට පෙලට අයත් පියගැට පෙලවල් විසිපහකින් සමන්විත මීටර් 4.3 දිග මෙම කොටස වසර 1889 දී ආරම්භක ඉදිකිරීම් වලට අයත් වසර 129ක් පැරණි වටිනා කෞතුක සිහිවටනයකි. පැරීසියේ පිහිටි ප‍්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන ආර්ට් කූරියල් හී වෙන්දේසියේදි යුරෝ 1ල69000 කට (රුපියල් තුන් කෝටි තිස්අට ලක්ෂයක් පමන * මැද පෙරදිග ඵෞතිහාසික භාන්ඩ එකතු කරන ධනවතෙකු විසින් මිලදී ගන්නා ලදී.

1983 වසරේ අයිෆල් කුලූනේ සිදුකල නඩත්තු හා අළුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුනු අවස්ථාවක අයිපල් කුළුන මුදුනට ගමන් කිරීමට විදුලි සෝපානයක් සවි
කලේය. එහිදී දෙවන හා තෙවන මහල අතර ඇති පියගැට පෙලේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කිරීමට සිදු වුයේය. එහිදී දිග මීටර් 2 ත් 9 ත් අතර කොටස් 24ක් කපා ඉවත් කල අතර වර්තමානයේ අයිපල් කුළුන මුදුනට සෝපානය ගමන් කරන්නේ එසේ කපා ඉවත් කල කොටසේ කුහරය තුලය. ඉහත වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවේ එසේ ඉවත් කල කොටස් වලින් එක් කොටසකි.

මෙසේ ඉවත් කල කොටස් කිහිපයක් ලෝකයේ විවිධ රටවල ධනවතුන් මිලදී ගෙන ඇති අතර සමහරක් මහජන ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත්තේය. ඒ අතර ජපානයේ යමන්සහායි හී යොයිෂි උද්භිද උද්්‍යානය, නිව්යොර්ක් නුවර නිදහස් ස්මාරකය අසල, හා ඇමෙරිකාවේ ඩිස්නිලන්තය එයින් සමහරක් ප‍්‍රසිද්ධ ස්ථානයන්ය.

අද ලෝකයේ වැඩිම නරඹන්නන් පැමිණෙන ඵෞතිහාසික ස්ථාන අතරින් අයිපල් කුළුන පෙරමුණේ සිටී. වසර 2017දී ලක්ෂ 70ක් නරඹන්නෝ පැමින ඇති බව ප‍්‍රංශ සංචාරක ආයතන දත්තයන් සඳහන් කරන්නේය. විවිධ අයුරින් හැඩ වැඩවී වසර මුළුල්ලේ මහජනයාට විවෘතව ඇති මෙම කුළුන පසුගියදාා ප‍්‍රංශයේ හා පැරීසියේ පැවැති කහ ජැකට් විරෝධය හේතුවෙන් එක් දිනක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූයේය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

eiffal 01

eiffal 02