මහින්දට සුබ පැතූ ඥානසාර හිමියන්ගෙන් ජී.එල් ට කන් පාත්වෙන උත්තරයක්

මහින්දට සුබ පැතූ ඥානසාර හිමියන්ගෙන් ජී.එල් ට කන් පාත්වෙන උත්තරයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොඩනගා ඇති සමාජ ප්‍රාග්ධනය මත පළාත් පාලන මැතිවරණය ජයගැනීමට පොදුජන පෙරමුණ පක්ෂයට හැකිවූ බවත් ඒ පිළිබඳ තමන් ඇතුළු බොදුබල සේනා සංවිධානය සතුටු වන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සැලකර සිටියේ ඊයේ (15) රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්ය.

දින්නට බොරුවට උඩ පනින්න එපා

එසේම මෙම ජයග්‍රහණය පිළිබඳ කිසිවකුත් උඩපනින්න දගලන්න අවශ්‍ය නොවන බවත් ජී.එල් පීරිස් මහතා පැකේජය පෙඩරල් විවස්ථාව ගෙන එන අවදියේදී සිටියේ කොතනද යන්න දන්නා බවත්, ඒ ගැන දුක් වීමක් නැති බවත් අද හරි තැන හිටගෙන සිටීම පිලිබදව සතුටු වෙන බවත් ඥානසාර හිමියන් අවධාරණය කර සිටියේය.

ඥානසාර හිමියන් මෙසේ අවධාරණය කරන්නට හේතු වූයේ පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති ජී.එල් පීරිස් නිකුත් කල මාධ්‍ය නිවේදනයක්ය.

ජී.එල් ගේ නිවේදනය පට්ටපල් බොරුවක්

"මුස්ලිම් ජනතාව මුලා කිරීමට තවත් උත්සහයක්" ලෙස ඉදිරිපත් කර ඇති එම මාධ්‍ය නිවේදනය පදනම් විරහිත මෙන්ම ව්‍යාජ පුවතක් මත පදනම් කරගෙන නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදැක්වූ බවත් උන්වහන්සේ සඳහන් කරයි.

එසේම පසුගිය කාලයේ ඇතිවූ ගැටුම් පිලිබදව පොදුවේ සෙවීමට කොමිසමක් පත් කලයුතු බව දිගින් දිගටම බොදු බල සේනා සංවිධානය ඉල්ලීම් කල බව සිහිපත් කල ඥානසාර හිමියන් බලය තිබු කාලයේ මුස්ලීම් ප්‍රශ්නයට විසඳුමක් නොදී සිට දැන් මුස්ලීම් ජන්ද වෙනුවෙන් බොදු බල සේනාව පාපන්දුවක් කර ගැනීමට උත්සාහ දරන බවක් පෙනීයන බවත් සඳහන් කරයි.  එසේම  මුස්ලිම් ඡන්ද ලබාගැනීමට අවශ්‍යනම් කලයුත්තේ  මුස්ලිම් ගැටලුව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක්දැයි පැහැදිලි කිරීම බවද ඥානසාර හිමියන් සඳහන් කරයි.

කණ්නාඩියක් ඉස්සරහට ගිහින් චෙක් කරගන්න

ජි ඇල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ හතර පස් දෙනෙක් බොදු බල සේනා සංවිධානය විනාශ කරන්න අවශ්‍යව ඇති බවක් පෙනීයන බවත් මුස්ලිම් ප්‍රශ්නය පිළිබඳ තමන්ට චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරියට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි ඔවුන් පරීක්ෂා කරගත යුතු බවද උන්වහන්සේ පැවසීය.

සමයං නටන්න එන්න එපා

එසේම මන්ත්‍රීවරු කුණු මාළු මෙන් ලංසුවලට විකිනෙමින්  රට භයානක අරාජික තැනකට යමින් ඇති මේ මොහොතේ  තම සංවිධානය කා සමගවත් ගැටුමකට නොයන නමුත් ඒ හමුවේ නින්දෙන් ඇහැරුණු බබ්බු මෙන් ලැබුණු මැතිවරණ ප්‍රතිපලයෙන් ඔලුව උදුම්මවා මළ සමයං නැටීමට එන්න එපා යන දැනුම්දීමද අදාළ පාර්ශවයටන්ට කරන බවද ඥානසාර හිමියන් සඳහන් කරයි.

තමන් වහන්සේ එක් දිනක් තුළ ඇප තුනක් ලබා ගත්තේ කෙසේද යන්න ජී.එල් පීරිස්ට ප්‍රශ්නයක් වී ඇති බවත් එහෙත් තමන් වහන්සේට එම ඇප නියමවුයේ  වැරද්දක් නොකළ නිසා බව දැනගත යුතු බවද ඥානසාර හිමියන් පැවසීය. එසේම  බුද්ධි අංශ පවා තම නිර්දෝෂීභාවය  සනාථ කල බවත් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ ඉහලම නීතිඥ මහතුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  මුලීක අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල බවත් දැනගත යුතු බවද ඥානසාර හිමියන්  එහිදී අවධාරණය කර සිටියේය.

මට ඇප දුන්නට ජීඑල් ට තියන අමාරුව මොකක්ද

එසේම තමන් වහන්සේට අදාළ ඇප හිමිවුයේ එම මුලීක අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට දිනක් තිබියදී බව සිහිපත් කල  ඥානසාර හිමියන්   ජී එල්ට ඒ පිළිබඳ ඇති අමාරුව කුමක්දැයි ද ප්‍රශ්න කර සිටියේය. 

ගිංතොට ගින්න නිව්වෙත් අපි : ජීඑල් කොහෙද හිටියේ ?

එහිදී වැඩිදුරටත් ඥානසාර හිමියන්  මෙසේද පැවසීය. "මොකද්ද මේ මිනිසුන්ගේ කුපාඩි දේශපාලනය?" පසුගියදා ගින්තොට ගැටළුවක් පැනනැගුණා.  ඒ කිසිම අවස්ථාවක ජී එල් ගොස් තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන්, තමන්ට කතිරය ගහන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ නෑ. රටේ බොහෝ තැන්වල මිනිසුන්ගේ දුක් අන්දොනා නැගෙද්දී ඒ හැම වෙලාවකම අපි තමයි එතනට ගිහින් බෙල්ල දෙන්න හරි මිනිස්සු එක්ක හිටියේ.  හැමෝම ගින්තොට ඇවිලෙනකම් බලා සිටියා. නමුත් අපි ගිහින් ඒ තත්ත්වය  සමතයකට පත් කරන්න කටයුතු කළා.  ඒ නිසා ලෝකය ඉදිරියේ සිංහලයාගේ නිවැරදි බව තහවුරු කරන්න පුළුවන් වුණා.

ඒ වගේම ආ වෙන කොට රට අරාජික වෙමින් තියනවා. ඒ නිසා මේ පාලනය කරන අයටත් කියන්න තියෙන්නේ හරියට රට කරවන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්න කියලයි.

 මෙම මාධ්‍ය හමුව සඳහා බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතාද සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න