ඉන්සියුලින් හිඟයක් : දියවැඩියා රෝගීන් අනතුරේ !

ඉන්සියුලින් හිඟයක් : දියවැඩියා රෝගීන් අනතුරේ !

දැනට රට තුළ, රජයේ රෝහල්වල හා පුද්ගලික අංශයේ ඉන්සියුලින් හිගයක් ඇතිවී තිබෙන බවට වාර්තා වී ඇති බවත් ඉන්සියුලින්වල ශීතදාමය පවත්වා ගෙන යා යුතු හෙයින් දැනට රජයේ රෝහල්වලින් ඖෂධ බෙදා හැරෙන තැපෑල මගින් ඉන්සියුලින් බෙදාහැරීමට නොහැකි බැවින් මේ සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාරගේ අත්සනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ඊයේ (03) ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මෙම තත්වය හමුවේ උග්‍ර දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් නොලැබී යාම නිසා ඔවුන් බරපතල සංකූලතාවලට ගොදුරුවීමේ අනතුරකට මුහුණ පා සිටින හෙයින් හෘදයාබාධ, අංශබාග වැනි සංකූලතාවලට ගොදුරුවීමේ වැඩි අවධානයක් ඇති අතර එසේ වුවහොත් එය සෞඛ්‍ය සේවාවට විශාල අමතර බරක් වනු ඇති බවද එමගින් සඳහන් කර තිබේ.

එබැවින් සෑම ඉන්සියුලින් භාවිතා කරන රෝගියෙකුටම ඉන්සියුලින් ලැබීම සහතික කරන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ACMOA 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න