ආසියනු බල්ලො සහ චතුර කල වැරද්ද මොකක්ද? 

ආසියනු බල්ලො සහ චතුර කල වැරද්ද මොකක්ද? 
කොරොනා වසංගතය ගෙනා "ආසියානු බල්ලො" යැයි අපහාස කරමින් ආසියානු කාන්තාවන් දෙන්නෙකුට සිඩ්නි නුවර පාරකදී බැන පහර දෙන්නට හැදුවා. ඔස්ට්‍රෙලියාවෙ මාධ්‍ය තුලින් එය පෙන්වනු ලැබුවේ Racially Abused කියන වචනය භාවිත කරමින් එය කිසිසෙත් ඉඩදිය නොහැකි වරදක් බවට අවධාරනය කරමිනි. 
 
චතුර කරපු වරද මොකක්ද කියලා හිතාගන්න බැරි බබාලා ටිකක් ඉන්නවා. චතුර තිරය ඉදිරියේ බොලේ උඩදාලා මහින්දානන්දට ගහන්න දීපු හැටි තිරය පිටිපසදි චතුරම රස කරලා කියනවා. සල්ලිත් ඉල්ලනවා. කින්ඩියට හිනාත් වෙනවා. රටේ ප්‍රධාන මාධ්‍යක් භවිතා කරමින් කොරොනා පතුරනවා කියමින් මුසල්මානුවන් කෙරෙහි පොදු මිනිසාගේ ජන මනසේ අප්‍රසාදය අවුලන්න හදනවා. විස පොවනවා.
 
පාරෙ යන්නෙකු විසින් කොරොනා වසන්ගතය ගෙනා "ආසියානු බල්ලො" යැයි කියන කාරණයට වඩා අතීශයෙන් බරපතල දෙයක් මාධ්‍යයක ඉන්න චතුර කරන්නේ. චතුරලා කරන කාලකන්නි වැඩේ අවබොධ කර ගත නොහැකි මට්ටමට බහුතර පොදු ජන මනස චතුරලාම වෙනස් කරලා ඉවරයි. ඒහෙම පිරිසක් චතුර කරපු වැරැද්ද මොකක්ද අහමින් චතුරගේ අර කින්ඩි " කැරි" හිනාව වෙනුවට මේකප් එකක් දාපු ප්‍රිටී හිනාවක් එක්ක ෆොටෝ එකක් ශෙයාර් කරනවා. 
 
ඉගියකින් අංගචලනයකින් පවා Abuse යන්න නිර්වචනය කර බරපතල වරදක් කොට නීතියේ සලකන රටක ජීවත් වෙමින් ලංකාවේ ප්‍රධාන මාධ්‍යයක මාධ්‍යයවේදියෙක් වුන චතුර කරපු වැරැද්ද මොකක්ද අහන අයට පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. අපි නම් ලොකේ මොන රටක මොන කොනක ජාතිවාදි වරගවාදී ආගම්වාදී යමක් සිදුවෙනවනම් වචනයකින් හරි ඒක පෝශනය වෙන්වා නම් අනිවා විරුද්ධ වෙනවම තමයි. ඒක ලංකාවෙද ඔස්ට්‍රෙලියාවෙද කියලා නැ. චතුරට කියලා අපිට පුද්ගලික බැදීමක් ඇල්මක් නැ. 
 
කොරොනා වසංගතය පාලනය කරගත නොහැකි දැරුණුම තලයකට පත්වුවහොත් ආර්තිකය බිද වැටී බඩගින්න ඉහවහා ගිය ලෝකයක පලමුව ට්‍රිගර් වෙන්න පුලුවන් ඛේදවාචකයක් තමයි ජාතියක් තව ජාතියක් සමග මරාගැනීමට ඇති ඉඩ. ලංකාවේ නම් මම දන්නේ නැ. මෙහේ අර කොරොනා ගෙනාව "ආසියානු බල්ලො" කියලා කැති පොරො අරගෙන වර වර ලගට කැන්දා කියලා අඩගහන්න පුලුවන් තත්වයක් ආවොත් චීන සම්භවයක් තියෙන අය හැරුනම ආසියානු බල්ලන් හැටියට ඊලගට ඉන්නේ උබලා අපි. මෙහේ ඉදගෙන ලංකාවේ ජාතිවාදයට උඩගෙඩි දිදී චතුරලාව තේරුම්ගන්න බැ වගේ ඉන්න කස්ටියගෙන් අහන්නේ. සිය දරු පවුල් එක්ක ආසියනු බල්ලන්ගේ පොලිමේ ඉස්සරාටම ගිහින් ඉදියි නේද?
 
ජාතිවාදි ආගම් වාදී බීජය කවර මුහුනුවරකින් පැලකරන්න හැදුවත් නියපොත්තෙන් කඩා දමන්න පුලුවන් හැම වෙලාවකම කොන්දේසි විරහිතව ඒක කල යුතුය. ලොකේ කොහේ උනත්. ජනප්‍රිය බහුතරයක් නැතිවුනත් තනි තනිව හරි විර්ද්ධ විය යුතුබව පමනක් දැනට ලියා තියනවා. ජාතියක් නිසාවත් ආගමක් නිසාවත් එකිනෙකාට බියෙන් සැකෙන් ද්වේශයෙන් ජීවත් වෙන්නට සිදුවන් ලෝකයක් අපේ අනාගත දරුවන්ට උරුම වෙනවට මම කැමති නැ. ඔබ? 
 
"CORONAVIRUS IS NOT AN EXCUSE TO BE RACIST" එච්චරයි ඕං.
 
වරුණ සාවින්ද ගේ face book  ගිනුමෙනි.

FB IMG 1586034223336

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න