නොමිලේ ලැප් දෙනවා කියා පෞද්ගලික තොරතුරු උස්සන ගේමක් !

නොමිලේ ලැප් දෙනවා කියා පෞද්ගලික තොරතුරු උස්සන ගේමක් !

නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු වාර්තා කරයි.

එම සංගමය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතර විශේෂයෙන්ම “Goverment Providing Free Laptop For Youth” නමින් මෙය සමාජ මාධ්‍ය යෙදුම් තුල හුවමාරුවීම නිසා බොහෝ පුද්ගලයන් ප්‍රමාණයකගේ පෞද්ගලික දත්ත මෙය මෙහෙයවන කණ්ඩායම සතුවිය හැකි බවය.

මෙලෙස විවිධ දෑ නොමිලේ ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න