අම්ෆන් චණ්ඩ වෙන හැඩ !

අම්ෆන් චණ්ඩ වෙන හැඩ !

නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළිකුණාටුව අද (17) චණ්ඩ සුළිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සහන්කළේ මේ හේතුවෙන් දිවයිනට නැගෙනහිරින්වන  මුහුදු ප්‍රදේශය දැඩි ලෙස රළු ස්වභාවයක් ගනු ඇති බවයි.

මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ ඉහල යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඉදිරි පැය 24 තුළ දී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම මුහුදු ප්‍රෙද්ශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා සුළගේ වේගය ක්ෂණිකව ඉහළයාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද අලුයම වන විට කළුගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න