අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියට අනවසරයෙන් ඇතුළු වූ මැරයන්! (වීඩියෝ)

අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියට අනවසරයෙන් ඇතුළු වූ මැරයන්! (වීඩියෝ)
අද (28) අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේ නඩු කැඳවූ අවස්ථාවේදී අනවසරයෙන් මැරයන් කිහිප දෙනකු ආයුධ සමග ඇතුළුවී ඇති බව වාර්තා වේ.
 
 උද්ගතව ඇති වසංගත තත්වය හමුවේ නීතිඥයින් පවා සීමා සහිතව නඩු කටයුතුවලට උසාවිය තුළට කැඳවන අවස්ථාවක මොවුන් කෙසේ උසාවි භූමියට ඇතුළු වී ඇත්දැයි ගැටළුවක් බව වාර්තාකරු සඳහන් කරයි.
 
අදාළ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ උසාවි භූමියේ සිටි නීතිඥ පිරිසක් මහේත්‍රාත්වරියට පැමිණිලි කර ඇති අතර එහිදී  ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස  නියෝග කර ඇත. 
 
ඒ වන විටත් අදාළ මැරයින් දෙදෙනා උසාවි භූමියෙන් පැන ගොස් ඇති අතර මේ වින විට පොලිසිය ඔවුන් සොයා පරික්ෂණ ආරම්භ කොට ඇත.
 
 එම මැරයින් CBH-8431 (මර්කන්ටියල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ලීසිං මත ගත් වාහනයක්) සහ KJ-3446 යන මොටර් රථවලින් පැමිණ ඇති බව වාර්තා වෙයි.
 
මහේස්ත්‍රාත් උසාවි භූමියේ දැඩි ආරක්ෂාවක් තිබියදී මෙම මැරයින් පරීක්ෂාවකින් තොරව කෙසේ ඇතුළු වී ඇත්ද යන්න ගැටළුවකි. 
 
ලැබෙන තොරතුරු වලට අනුව ඔවුන් ඇන්ඩෘෘ සමරකෝන් නැමැත්තෙකුගේ පාර්ෂවයේ නඩු කටයුත්තකට පැමිණ ඇති අතර එම නඩුවේ කවරෙක් හෝ ඝාතනයේ කිරීමේ අරමුණින් මෙසේ උසාවියට ඇතුළු වී ඇත්දැයි දැඩි  සැකසංකා  මතුව ඇති බවත් වාර්තා වෙයි.

IMG 20200528 WA0007

IMG 20200528 WA0008

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න