පාසල් දරුවන් ප්‍රවාහන වෑන් කහ පාට වෙයි !

පාසල් දරුවන් ප්‍රවාහන වෑන් කහ පාට වෙයි !

පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කර සිටියි.

පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමග අමාත්‍යවරයා පෙරේදා (ජුලි 07) දිනයේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය.

දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවත් ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මීට අමතරව දැනට විවිධ අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන පාසැල් සිසු ප්‍රවාහනය වෑන් රථ සේවාව සඳහා යම් යම් සහන ලබා දීමටත් පියවර ගන්නා බවද මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න