කොවිඩ් මර්දනයට යුරෝ මිලියන 02 ක ප්‍රදානයක්

කොවිඩ් මර්දනයට  යුරෝ මිලියන 02 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457 ) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත භාර දෙන ලදී.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි (Denis Chaibi) මහතා විසින් මෙම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත භාර දුන් අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බැවින් හදිසි අවස්ථාවන්හිදී රෝහල් වල ඇතිවන අවශ්‍යතාවයන් සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙසට ඩෙනිස් චව්බි මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

යුරෝපා සංගමය විසින් අප රට වෙත නිරතුරුව ලබා දෙන සහය පිළිබදව ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යුරෝපා සංගමය වෙත පළ කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න