කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කිතුණු බැතිමතුන්ගෙන් අද (17) ඉල්ලා සිටියහ.
ඒ අනුව දැනට හුදෙකලා කර නොමැති ප්‍රදේශවල පිහිටි දේවස්ථානවල නත්තල් දේව මෙහෙය කාණ්ඩ වශයෙන් බැතිමතුන් කැඳවා පැවැත්වීමට අවසර ලැබෙන අතර එම ඒ සඳහා සහභාගි කරගත හැකි උපරිම බැතිමතුන් ප්‍රමාණය 50 කට සීමා කර තිඛේ.
මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් හා අනිකුත් රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සජීවිව, විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කරන අතර බැතිමතුන්ට නිවෙස්වල සිට එයට සම්බන්ධ විය හැකි බවද කාදිනල්තුමන් කියා සිටියහ.
කොළඹ අගරදගුරු මැදුරේදී අද (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළහ.

