පැණියේ ප්‍රතිඵල ලැබෙයි : පැණි ගැසූ 5කට කොරෝනා පොසිටිව් !

පැණියේ ප්‍රතිඵල ලැබෙයි : පැණි ගැසූ  5කට කොරෝනා පොසිටිව් !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා යොදවා ප්‍රධාන ධාරවේ මාධ්‍ය කිහිපයක්  සහ මැති ඇමතිවරුන් කිහිපදෙනකු නැටූ නාඩගමක් වූ  කොරෝනා වෛරසය නසන පැණිය  පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ  පැවසීය.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඔහු  සඳහන් කළේය.

අදාල ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියේය.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු  කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න