ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : දැඩි ගෝඨාභයවාදී භික්ෂුන්ගෙනුත් අලිසබ්‍රිට බලපෑම් !

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : දැඩි ගෝඨාභයවාදී භික්ෂුන්ගෙනුත් අලිසබ්‍රිට බලපෑම් !

අධිකරණ අමාත්‍ය අලිසබ්‍රිට අදාළ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම  සුදුසු බවට  යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අතිශය සමීපතම භික්ෂුවක් වන මැදගොඩ අභය තිස්ස  පවසා ඇති බව වාර්තා වෙයි.

විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය 27 වනදා හෝ ඊට ආසන්න දිනයකදී දුරකතන ඇමතුමක් ලබාදී මැදගොඩ අභය තිස්ස හිමි මෙම ඉල්ලා අස්වීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
 
ජනාධිපති ගැන හිතලාවත් ඉල්ලා අස්වෙන්න - මැදගොඩ අභය තිස්ස හිමි 
 
එහිදී පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වූ සියළු භික්ෂුන් වහන්සේලා තුළ අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධව දැඩි විරෝධයක් ඇති බව පවසා ඇති බවත් වාර්තා වෙයි. ඒ අනුව මේ මොහොතේ අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම එම භික්ෂුන් වහන්සේලා තුළ ජනාධිපති සම්බන්ධව විරුද්ධ ආකල්පයක් ඇතිවීම වලක්වන බවත් එය ජනාධිපති ගේ ඉදිරි ගමනට අඅතිශය වැදගත් බවත් පවසා ඇතැයිද වාර්තා වෙයි.
 
මමත් හොඳටම කළකිරීමෙන් ඉන්නේ - අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි 
 
අප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මැදගොඩ අභය තිස්ස හිමිගේ මෙම ඉල්ලා අස්වීමේ යෝජනාවට අධිකරණ අමාත්‍ය අලිසබ්‍රිගේ ප්‍රතිචාරය වී ඇත්තේ " කිසිම ප්‍රශ්නයක් නෑ . මමත් හොඳටම කළකිරීමෙන් ඉන්නේ " පවසමින් බවත් වාර්තා වෙයි.
 
එසේම කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධව  තම ජනතාව , හිතවතුන් පමණක් නොව  ඥාතීන් පවා දෝෂාරෝපණය කරන බවත් ඒ තත්ත්වය හමුවේ තමන්ට ඇමතිකම් - මන්ත්‍රී ධූර නොවටිනා බවත් පවසා ඇතැයිද වාර්තා වෙයි.
 
ටිකක් ඉවසලා ඉන්නකො බලන්න !
 
මේ සිදුවීමෙන් පසුව අද (29) දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් පැතිර ගියේ අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි සිය ඉඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත ඉදිරිපත් කර ඇති බවටය.
 
නමුත් මේ සම්බන්ධව අප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර නැති නමුත් පසුගිය සමයේ සිට සිදුවූ කළකිරෙන සහ හිත දැඩිව පෑරුණු කරුණු ගැන ජනාධිපති ට පවසා අමාත්‍ය ධූරයෙන්  ඉල්ලා අස්වීමේ සූදානම ගැන  දන්වා ඇති බවය.
 
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රතිචාරයවී ඇත්තේ  "කළබල නොවී ටිකක් ඉවසීමෙන් ඉන්න. කාටවත් මොකුත් කියන්න යන්න එපා" යනුවෙන් බවත් වාර්තා වෙයි.
 
ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූ ජාතිවාදී  සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේලා සහ නියෝජිතයින් ද  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි එකීීී ධුරයෙන් ඉවත් වියයුතු බව පැවසූ අතර සෞඛ්‍ය ඇමතිනී  පවිත්‍රා වන්නිආරච්චි හමුවූ අවස්ථාවේ ද එකී ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබිණ.

FB IMG 1609232869587

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න