භූමදාන අයිතිය ඉල්ලන පිය පුතු දෙදෙනාගේ පා ගමනට උසාවි තහංචියක් !

 භූමදාන අයිතිය ඉල්ලන පිය පුතු දෙදෙනාගේ පා ගමනට උසාවි තහංචියක් !
මහජන අයිතියට තවත් බාධාවක් පමුණුවමින් නැගෙනහිර පලාතේ පොලිසිය විසින් උසාවිය යොදවාගෙන මුස්ලිම් පිය පුතු දෙදෙනකුගේ සාමකාමී පා ගමනකට තහංචි දැම්මේ පුවතක් වාර්තා වෙයි.
 
එම තහංචිය පනවා ඇත්තේ මුස්ලිම් මළසිරුරු පිළිස්සීමට ආශිර්වාද කරමින් සංඝයා වහන්සේ ප්‍රමුඛ මහ පිරිසක් කොළඹ නගරයේ  විරෝධයක් පැවැත්වීමට අවසර දී තිබියදීය.
 
වසංගතයෙන් මියයන පුද්ගලයන් බලහත්කාරයෙන් ආදාහනයට විරුද්ධව මොහොමඩ් ෆවුස් සහ ඔහුගේ පුත්‍රයා සුදු වතින් සැරසී මුස්ලිම් මළ සිරුරු භුමදානයේ අයිතිය ඉල්ලා කල්මුනේ සිට අක්කරෙයිපත්තුව දක්වා දෙසැම්බර් 28 දා ආරම්භ කළ ගමන පොලිසිය විසින් සයින්දමරදු හිදී නවතා ඇත.
 
නිරෝධායන සීමා, මහජන දේපලට හානි පැමිණීමේ අවදානම සහ රථවාහන ගමනාගමනයට බාධා පැමිණීම  හේතු කොට දක්වමින් කල්මුනේ පොලිසිය ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය විසින් පනවන ලද තහනම් නියෝගය ලබන අවුරුද්දේ නොවැම්බර් පළමුදා දක්වා වලංගු වෙයි.
 
පාගමන අත්හිටුවන ලදුව ආගමික හා මානව හිමිකම් සුරකින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින සන්දේශයක් ප්‍රසිද්ධියේ කියවීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන්ට භාරදෙන ලදී.
 
මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය ලබා නොදෙන ලෙස බල කරමින් සංඝයා වහන්සේගේ මූලිකත්වයෙන් එදිනම කොළඹ පවත්වන ලද පෙළපාලිය හා උද්ඝෝෂණයට පොලිසිය කිසිදු බාධාවක් කළේ නැත.
 
ගෝලීය වසංගතයක් හමුවේ මුස්ලිම්වරුන් ප්‍රමුඛ සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව  දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක්ව සිටීයි.

Kalmunai 28.12.2020 6

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න