ඥානක්කාගේ වුවමනාවට නොව ජනවරම අනූව රට පාලනය කරන්න - මැඩිල්ලේ හිමි

ඥානක්කාගේ වුවමනාවට නොව ජනවරම අනූව රට පාලනය කරන්න - මැඩිල්ලේ හිමි

එක් රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බවට පොරොන්දු වූයේ නම් අනුරාධපුරයෙන් ඥානක්කාගේ උවමනාවට අනුව රට පාලනය නොකර ජනවරමට අනුව රට පාලනය කරන්නැයි ඉල්ලා සිටින බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කරන්නැයි බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.medille

ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ රටක් ලෙස මෙම වෛරස් සහිත මෘතදේහ භූමදානය කලහොත් එම අන්තවාදීන් විසින් මල සිරුරු ගොඩගෙන වෛසරය කුමන ත‍්‍රස්ත කටයුත්තකට භාවිත කරාවිදැයි කිව හැක්කේ කාට දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන් සංඝයා වහන්සේලාට පාරට බහින්නට සිදුවීම ගැන ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතු යැයිද භික්ෂූන් වහන්සේලා පාරට බැසීමම, පාරේ රස්තියාදු කරවීමම වත්මන් ආණ්ඩුව අසමත්කමට හොඳම නිදර්ශණය යයිද උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුව වලලනවාද වැලලෙනවාද මෙම මෘත දේහ සම්බන්ධ ප්‍රශ්නයේදී තීන්දු කර ගන්නා ලෙසද ආණ්ඩුවට දන්නවා සිටින බව ද උන්වහන්සේට දැඩිව කියා සිටියහ.

එක රටක් එක නීතියක් නම් ආගම් අනුව නීති වෙනස් විය නොහැකි බවත් පැවසූ එහිමියෝ එසේ වන්නේ නම් පැවති යහපාලනය මීට වඩා හොද යයිද පැවහූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න