පළාත් සභා ජන්දය පැවැත්විය යුතුයි - මැකොස කියයි !

පළාත් සභා ජන්දය පැවැත්විය යුතුයි - මැකොස කියයි !

පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසා ඇත.

ඒ ඊයේ (12) මාධ්‍ය ප‍්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදීය.

පළාත් සභා ඡන්දය නොපැවැත්වීමෙන් සිදුව ඇත්තේ එම ආයතන සදහා මහජන නියෝජිතයින් පත් කිරීම වැළැක්වීම පමණක් බවත් පළාත් සභාවලට පැවරී ඇති කාර්ය භාරයන් ඒ අයුරින්ම කි‍්‍රයාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

පළාත් සභා මන්තී‍්‍රවරුන් සදහා වැය වන වියදම්, මුදල් නාස්තියක් ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දෙන නමුත් මුදල් කොමිසමේ වාර්තාවලට අනුව පළාත් සභාවල කාර්ය මණ්ඩල සහ මන්තී‍්‍රවරුන් වෙනුවෙන් වැය වන්නේ එම පළාත් සභාවල සමස්ත වියදමින් සියයට බින්දුවයි දශම 3 ක පමණ ප‍්‍රතිශතයක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.

එමෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අදාළ විශාල කාර්ය භාරයක් පළාත් සභා හරහා කි‍්‍රයාත්මක වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න