යුක්‍රේන සංචාරකයන් ඇවිත් ගියා : දළදා මාලිගා පරිශ්‍රයේත් කොරෝනා !

යුක්‍රේන සංචාරකයන් ඇවිත් ගියා : දළදා මාලිගා පරිශ්‍රයේත්  කොරෝනා !

දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.

මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසන්නේ  එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු නිලධාරීන් නිරෝධායට යොමු කර ඇති බවයි.

එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් පිරිසක් අනියුක්ත කර ඇති බවත් වාර්තා වෙයි.

නිරෝධායන නීති නොතකා මෙරට ස්ථාන වල සංචාරයේ නිරත කරවූ බවට චෝදනා ඇති යුක්‍රේන සංචාරක කණ්ඩායමක්ද පසුගියදා දළදා මාලිගාවට ගොස් තිබිණ.

මෙම පොලිස් නිලධාරීන්ට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගන්නා ලද්දේ එම යුක්රේන සංචාරකයින් දළදා මාලියට පැමිණ ගිය පසුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න