හිතුමතේ එකඟතා කඩලා : ජපානයට කෝටි 500 ක් වන්දි ගෙවන්න වෙයිද ?

හිතුමතේ එකඟතා කඩලා :  ජපානයට කෝටි 500 ක් වන්දි ගෙවන්න වෙයිද ?

ජපානයේ ජයිකා ආධාර මත මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තිබූ එකඟත්වය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඒක පාර්ශවිකව ඉවත් දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය වේ.

මෙම එකඟතාව පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබූ අතර ඒ අනුව ශක්‍යතා අධ්‍යන වාර්තාව, ඉඩම් අත්පත්කරගැනීම්, උපදේශන කටයුතු සහ කාර්යාල පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැයකර ඇති බව හෙළිවේ.

එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් ඒකපාර්ශවිකව පසුගිය වසර අවසාන භාගරයේදී මෙම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබීය.

ජාත්‍යන්තර එකඟතා ගිවිසුම් ඒකපාර්ශවිකව කඩකිරීම මෙයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද විදේශයන්ට වන්දි ගෙවා තිබේ.

ඒ හෙජින් ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙනි.

විදේශ බැංකු දෙකකට රුපියල් කෝටි 1000කට ආසන්න වන්දියක් ගෙවා ඇති අතර තවත් බැංකුවක් විසින් ඒ සම්බන්ධයෙන් පවරා තිබෙව නඩුවක් ලන්ඩන් නුවර වාණිජ අධිකරණයේ විභාග වෙමින් පවතී.

නීතීඥ ගාස්තු සහ ගමන් ගාස්තු වශයෙන්ද මෙම නඩු සඳහා තවත් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වැය කර තිබේ.

මෙවැනි තත්වයක් යටතේ වර්තමාන රාජපක්ෂ පාලනයද ජපානයේ ජයිකා ආයතනයට රුපියල් කෝටි 500ක පමණ වන්දියක් ගෙනීමට සිදුවනු ඇතැයි අනාවරණය වී ඇත.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න