ජනතාවට එන්නත් ලැබෙන දවස : අමාත්‍යවරිය කියයි !

ජනතාවට එන්නත් ලැබෙන දවස : අමාත්‍යවරිය කියයි !

මාර්තු මාසයේ පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට බලාපොරොත්තුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පැවසුවාය.

රටේ සියලු ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම සඳහා මධ්‍යස්ථාන 4000ක් ස්ථාපනය කරන බවත් මාර්තු මස ඇරඹෙන එන්නත්කරණයේදී දෛනිකව පුද්ගලයින් ලක්ෂ 6 ක පමණ පිරිසකට එන්නත් ලබාදෙන බවත්  අමාත්‍යවරිය පැවසුවාය.  

අද (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කළ අතර   එන්නත් කිරීම තුළින් කිසිදු ප්‍රධාන අතුරු අබාධයක් මෙතෙත් වාර්තා වී නොමැති බවත් පැවසුවාය.

එමෙන්ම උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය දෙයක් බවත් එහිදි ඇය පැහැදිලි කළාය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්" එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් කොවිඩ් - 19 වෛරසය පැතිරීමේ හැකියාව  67%කින් පමණ අඩුවන බවට අනාවරණය වී ඇති බවද අමාත්‍යවරිය පවසන අතර වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව අඩුවන විට PCR  සංඛ්‍යාව ද අඩුකළ හැකි බව පවසා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න