එකම එන්නතක් ගැන විශ්වාසය තැබීම අවදානම් සහගතයි - රවී කුමුදේශ්

එකම එන්නතක් ගැන විශ්වාසය තැබීම අවදානම් සහගතයි - රවී කුමුදේශ්

ලොවපුරා විවිධ රටවලින් කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් දැනටමත් වාර්තා වී ඇති බැවින් එක් එන්නතක් පිළිබඳව පමණක් විශ්වාසය තැබීම අවදානම් සහගත විය හැකි බව ‍රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  පවසයි.

ඒ අනුව තවත් එන්නතක් මිලදී ගැනීම සඳහා කල්තියාම සූදානමින් සිටීම වැදගත් බව කුමුදේශ්  පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඇතැම් ප්‍රභේද සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත ප්‍රතිචාර නොදක්වන බව මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බැවින් එම එන්නත පිළිබඳව පමණක් පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීම එතරම් සුදුසු නොවන බවයි ඔහු පවසයි. ඒ අනුව ෆයිසර් එන්නත වැනි එන්නතක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවන බවද ඔහු පවසයි.

වාහක වර්ගයේ එන්නතක් භාවිතා කරනවා සේම RNA හෝ DNA වර්ගයේ එන්නතක් සඳහා රට සූදානම් කර තැබීම අත්‍යවශ්‍ය බවත්, කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු අවධානයක් යොමු වී නොමැති බවත් පෙන්වා දෙන රවී කුම‍ුදේශ්  පවසන්නේ ‍මේ පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතවම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

නව වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බළධාරීන් දක්වන සැළකිල්ල සම්බන්ධයෙන්ද ගැටලු ගණනාවක් පැන නැගී ඇති බව රවී කුමුදේශ් පවසා සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න