නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ ඉංජිනේරුවන් ගෙන් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ට කැපිල්ලක්!

නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ ඉංජිනේරුවන් ගෙන් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ට කැපිල්ලක්!
නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සේවය කරන ඉංජිනේරුවකු හා ඉංජිනේරුවරියක නිසා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ඉංජිනේරුවන්ට එම තනතුරු ලබාගැනීමට අසීරු වී ඇතැයි වාර්තා වේ.
 
මෙයින් ඉංජිනේරුවරයා නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන්වා ගත් අයෙකි.
 
ඉංජිනේරුවරිය හිටපු අමාත්‍ය චම්පික ‍රණවක ගෙන්වා ගත් තවමත් තාවකාලික පදනමක සිටින අයෙකි.
 
මේ දිනවල අමාත්‍යාංශයේ පවතින නොසන්සුන්තාවයට හේතුව මේ ඉංජිනේරුවන් දෙදෙනාගේ තනතුරු දෙක රැක ගැනීමට කරන අරගලය බව අදාළ ඇමැතිවරයා හැරෙන්නට අමාත්‍යාංශයේ සියලු දෙනා දන්නා කරුණක් වී ඇත.
 
පසුගියදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියට අධ්‍යක්ෂ ‍ජනරාල් තනතුරු 23 ක් සදහා 
අනුමැතිය ලබාදෙන ලදි.
 
එහිදී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවය කරන මෙම ඉංජිනේරුවන් දෙදෙනා විශේෂ ශ්‍රේණියට සුදුසුකම් නොමැති බැවින් තෝරාගෙන නැත.
 
මේ ඉංජිනේරුවන් දෙදෙනා නිසා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සුදුසුකම් ඇති ඉංජිනේරුවන්ට අදාළ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු සදහා පත්වීම් ලබාගැනීමට නොහැකි වී ඇතැයි ඉංජිනේරු සංගමය තුල කතාබහට ලක් වී ඇත.
 
මේ අතර නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙක රාජ්‍ය පරිපාලන සේවයට අයත් තනතුරු දෙකක් බවත් ඒ සදහා ඉංජිනේරුවන් පත් වී ඇත්තේ මෑතකදී බවත්  රාජ්‍ය පරිපාලන සේවා සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න