2024 ආණ්ඩුව රනිල්ගේ : වජිරගෙන් සහතිකයක් !

2024 ආණ්ඩුව රනිල්ගේ : වජිරගෙන් සහතිකයක් !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන පවසයි.

2024 ආණ්ඩු බලය ලබාගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

බලපිටිය සහ අම්බලන්ගොඩ එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම් සඳහා පසුගියදා සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඔහු  ආණ්ඩුව ලබාගැනීම සඳහා වන සැළසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට  හැකි වනු ඇති බවද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල කෙරෙහි දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින ආණ්ඩුවේ ඇමතිවරු 2024 දී නව ආණ්ඩුව පිහිටුවීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා  අනාවරණය කර සිටියේය.

මෙම වැඩපිළිවෙලට ශක්තියක් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව පාර්ලිමේන්තුවට එවන ලෙස එම ඇමතිවරුන්ගෙන් සහ විපක්ෂයේ ප්‍රභලයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙන බව හෙතෙම පැවසීය.

2024 රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුව ගොඩනැඟීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,000ම ආවරණය වන පරිදි නව දැක්මක් සහ නව දර්ශනයක් සහිත  පුළුල් වැඩපිළිවෙලක් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබෙන බවද වජිර අබේවර්ධන  හිටපු අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න