කාදිනල්ගෙන් වදන් දෙකයි : පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවටම එවයි !

කාදිනල්ගෙන් වදන් දෙකයි : පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවටම එවයි !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඊයේ (22) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේම  කැබිනට් මණ්ඩලයටද ලබා දී ඇත.

 වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත් මෙහිදී ජනාධිපති පැවසූ බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවුවත්  පසුගිය සමයේ මෙකී පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා බරපතළ හඬක් නගා සිටියේ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා තවත් සය පුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති කටයුතු කළ අවස්ථාවේ මේ කමිටු එම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු සැඟවීමට දැයි ප්‍රශ්න කිරීමටද කාදිනල් කටයුතු කළ අතර මෙරට තුළ සත්‍ය අනාවරණය නොවෙනවා නම් සහ යුක්තිය ඉටුනොවේ නම් ජාත්‍යන්තරය වෙත යන බවත් හේ පැවසීය.

උන්වහන්සේ දිගින් දිගටම අවධාරණය කර සිටියේ, ජනාධිපති කොමිසන් වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න