විල්පත්තු ජාතික වනෝද්‍යානය පෙරණ කලාපය නැවත වනසයි : අක්කර 1500 විනාසයි !

විල්පත්තු ජාතික වනෝද්‍යානය පෙරණ කලාපය නැවත වනසයි : අක්කර 1500 විනාසයි !

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයතව දුරටත් විනාශ කරමින් ඇත. 

පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තුව ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගමිමානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ අවුරා ලංකා පුද්ගලික සමාගම විසිනි. දැනට පෙරණ කලාපයේ එළි කර ඇති ප්‍රදේශය අක්කර 1300 ආසන්නය .

කොමාරිකා වගාවක්  පර්යේෂණා ගාරයක්  විශාල ක්‍රීඩ පිටියක් පැලතවානක්  හා කර්මාන්ත ශාලාවක් වෙිනුවෙන් මෙලෙස විල්පත්තුව ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපය එලි පෙහෙලි කර ඇත . 

නිතිවිරෝධි ලෙස පසුගිය වසර වන විට ජාතික වනෝධ්‍යානයේ පෙරණ කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර තිබිනි. එයට අමතරව අද වන විට තවත් ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපය වන සංහාරයට ලක්කරමින් කොමාරිකා වගාව වෙනුවෙන් එළිපෙහෙලි කරමින් ඇති අයුරු 19.02.2021 දින පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ නිරික්ෂණ ඛංඩායමකට නිරික්ෂණය වු අයුරු ඉහත ජායා රූපවල සටහන් කොට ඇත.  

Sri Lanka 20250 865ජාතික වනෝද්‍යානයක පෙරණ කලාපයක් වැනසීම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනව දඩුවමි ලැබිය හැකි වරදක් වුවත් දේශපාලකයන්ගේ සහය ඇතිව අදටත් විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසමින් ඇත.

මෙම ව්‍යාපෘතිය දියත් කරන විල්පත්තුව වනාන්තරය හා ඒ  අවට ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ප්‍රදේශයක් වන අතර දැනට සිදුකර ඇති  විද්‍යාත්මක පර්යේණ මගින්  ක්ෂරපායි විශේෂ 41" මත්ස්‍ය විශේෂ 29" මැඩියන් හා ගෙමිබන්  වීශේෂ 17" කුරල්ලන විශේෂ 149"  වාර්ථා වී ඇතග  තවදුරටත් මෙම ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක පර්යේෂණ සිදුකල යුතුව ඇත.

එමෙන්ම මෙම  කොමාරිකා වගා ව්‍යාපෘතිය කරන  ප්‍රදේශය අලි ඇතුන්ගේ මෙන්ම අනිකුත් සතුන්ගේ වාසභුමයකි  විල්පත්තුව රක්ෂිතයක් ලෙස වෙන් කලද අලි ඇතුන් හා අනෙක් සතුන් එය දන්නේ නැත ඒ තුලම ජීවත්වන්නේද නැත අනුරාධ පුර ප්‍රදේශයට අලි ඇතුන් ගමන් කරන එක් අලි මන්කඩක් වැට්ී ඇත්තේ වනාන්තර එළි කර කොමාරිකා වගාව කිරීමට සුදානමි වන මෙම ප්‍රදේශයේය. 

අලි ඇතුන් ජීවත්වන මෙම ප්‍රදේශයේ . රාජාංගනය යායා 18 ගමිමාන වලට ඉහත්තාවෙින් ඇති අලිමංකඩ වනසා මෙලෙස වගා බිම සදහා යොදා ගැනීම ඇලි ඇතුන්ගගේ පැවැත්මට බරපතල ලෙස බාධා කිරීමක් මෙන්ම  මෙි අවට ගමිමාන වල මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළිමකි. එමෙන්ම වන ජීවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි ඇසට වැලි ගසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජලපෝෂණ ප්‍රදේශ වලින් හා වැසි ජලයෙන් පොෂණය වන  පනන්කානි ඇල  හරස් කොට  බැමිමක් බැද එහි ජලය මෙම කොමාරිකා වගා ව්‍යාපෘතියේ  ඉදි කර  වැව සදහා ගැනීමට මෙි වන විට උත්සහ ගනිමිනි ඇත . 

විල්පත්තු ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපයේ විනාශ කරමින් වසර ගණනාවක් තිස්සේ අවුරා ලංකා සමාගම විසින් සිදුකරන මෙම ක්‍රීයාවලිය මෙරට පරිසර නිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි .  ජාතික වනොද්‍යානයක හෝ එහි පෙරණකාලාපයකට මොනයමි ලෙස හෝ හානි කිරීම වනසත්ව හා වෘක්ෂලති ආඥාපනතට අනුව නතිවිරෝධි ක්‍රියාවලියක් වන අතර එලෙස කිරීම දඩුවමි ලැබිය හැකි වරදකි.

පරිසර නිතියට හා රටෙි පොදු නිතියට වැලි ගසා විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසන මෙම පිරිස  එයින්ද නොනවති ඉතාමත් අසාධාරණ ලෙස ජනතාවගේ ඉඩමි මංකොල්ලා කෑම සිදුකලත් බලධාරීන් නිහඩය.

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න