ජාත්‍යන්තර තහනමක් ලද මනිලාල්ගේ පුත් මනිල් පාපන්දු නිලවරණයට 

ජාත්‍යන්තර තහනමක් ලද මනිලාල්ගේ පුත් මනිල් පාපන්දු නිලවරණයට 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් ජීවිතාන්ත දක්වා පාපන්දු තහනමට ලක්වු මනිලාල් ප්‍රනාන්දු ගේ පුත් පාපන්දු වෛද්‍ය කමිටු සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු (Dr. Manil Fernando) මෙවර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරග  කිරීමට සුදානම් වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මේ වසරේ මැයි 31වැනි දිනට කලින් පැවැත්විය යුතු අතර, එයට පෙර පාපන්දු ව්‍යවස්ථාව නීත්‍යනුකූල ලෙස සම්පාදනය කොට ඒ අනුව නිලවරණය පැවැත්විය යුතු බව ලෝක පාපන්දු සම්මේලනය දැනුම්දී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ නීති රෙගුලාසි අනුව වෙනස් කිරීමට නොහැකි වුව හොත් ඉදිරියේදී පාපන්දු නිලවරණය පැවැත්වීමේ හැකියාව නොමැති බව වාර්තා වේ. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ නීති රෙගුලාසි අනුව වෙනස් කරන පාපන්දු ව්‍යවස්ථාව ක්‍රීඩා පනත අනුව මෙරට නීතියට ගැළපෙන අයුරින් සකස් කළ බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්ය වේ.

ජීවිතාන්තය දක්වා පාපන්දු තහනම:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තරඟ කිරීමට නියමිත දොස්තර මනිල් ප්‍රනාන්දුගේ පියා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දුය.  

ඔහුට මේවනවිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පනවා තිබේ. 

අල්ලස් හා දූෂණ, තෑගි හා ප්‍රතිලාභ ගැනීම හා චර්යාමය නීති කැඩීම් ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මනිලාල් ප්‍රනාන්දුට 2013 වසරේ අප්‍රේල් මාසයේදී පණවා තිබූ අවුරුදු අටක තහනම ෆීෆා ජගත් පාලක මණ්ඩලය විසින් ජීවිතාන්තය දක්වා දිගු කරනු ලැබුවේ එම තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ජගත් පාලක මණ්ඩලය පැනවූ තහනම හේතුවෙන් මනිලාල් ප්‍රනාන්දුට ලෝක හෝ දේශීය පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාවක නිරත විය නොහැකිය. ඔහු එම චෝදනාවට ලක්වන අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයා ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න