පාස්කු වාර්තාව හරහා ආණ්ඩුව ගොඩදැමීමට : ලංකාදීපේ සිරි රණසිංට දකුණේ ප්‍රබල තනතුරක් !

 පාස්කු වාර්තාව හරහා ආණ්ඩුව  ගොඩදැමීමට : ලංකාදීපේ සිරි රණසිංට දකුණේ ප්‍රබල තනතුරක් !

මහානායක හිමිවරුන්, කතෝලික සභාව, විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ මෙන්ම රජයේ හවුල්කාර පක්ෂ ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ පාස්කු කොමිසමේ වාර්තාවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දෙමින් පිරිහෙන ආණ්ඩුව ගොඩදැමීමේ කොන්ත්‍රාත්තුව දිනපතා ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත් පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ විසින් බාරගෙන ඇත.

යහපාලන රජය දිනෙන් දිනම අප්‍රසාදයට පත් කරමින් පවතින රජයේ අඩුපාඩු වසන් කිරීම ඉලක්ක කර ගනිමින් පාස්කු ප්‍රහාරයට අධික ප්‍රචාරයක්දීමට ලංකාදීප කර්තෘ සිරි රණසිංහ කැමති කරවාගෙන ඇත්තේ ආණ්ඩුවේ බැසිල් පාර්ශවයේ ප්‍රබල ඇමතිවරයෙකි.

තමන්ගේ දැනුම්දීම අනුව ක්‍රියාකරන්නේ නම් රාජපක්ෂ පාලනයේ පළමු වසර දෙකහමාර අවසන් වන අවස්ථාවේදි දකුණු පළාතට සම්බන්ධ ඉහළම තනතුරක් දෙන බව ඉහත අමාත්‍යවරයා ලංකාදීප කර්තෘවරයාට දැනුම් දී ඇත.

රජයේ පුවත්පත් ඇතුළුව කිසිදු මාධ්‍යයක් නොකළ ආකාරයට පාස්කු ප්‍රහාරය සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවට පුවත්පතේ සම්පූර්ණ පිටුව බැගින් ප්‍රචාරයක් දෙන ලංකාදීප කර්තෘ සිරි රණසිංහ තමාගේ මෙම ක්‍රියාව "බැලන්ස්" ක්‍රියාවක් බව පෙන්වීමට තවත් පුවත්පත් දෙකකවත් ඒ ආකාරයට කොමිෂන් සභා වාර්තාවට ප්‍රසිද්ධියක් දීමට කටයුතු කරන ලෙස රජයේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන්ම මේ වන විටත් ආයාචනා කර තිබේ.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දිනපතා ලංකාදීප පුවත්පතේ පළකිරිමේ කටයුත්තට යොදා ගෙන ඇත්තේ ඔහුගේ ඥාතියෙකු වන අජන්ත කුමාර අගලකඩය.  ඉරිදා ලංකාදීප පුවත් පතේ කොමිසමේ වාර්තාවට අදාළ ප්‍රචාරක කටයුතු සදහා යොදාගෙන තිබෙන්නේ සිරි රණසිංහගේ අතවැසියෙකු වන මාධ්‍ය කාර්‍ය භාරය රාජපක්ෂ  ආණ්ඩුවේ ගුණ වැයීම ලෙස අදහන ප්‍රේමකිර්ති රණතුංගය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම හිටපු අගමැති  රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය අපකිර්තියට ලක් කරමින් වාර්තාවේ කරුණු දිගින් දිගටම උපුටා දක්වමින් ප්‍රවෘත්ති ලිවීම අජන්ත කුමාර අගලකඩට මේ වනවිටත් පවරා තිබේ.

කොමිෂන් සභා වාර්තාවේ සදහන් වන " නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම ද්විත්ව ප්‍රතිපත්තියකින් සැලකීමක් බවත් පැහැදිලිවේ." යනුවෙන් මෙම ඉරිදා ලංකාදීප පුවත් පතේ මතයක් ලෙස ප්‍රබල සදහනක් කිරීමට සිරි රණසිංහ යොදා ගෙන ඇත්තේ අතවැසි ප්‍රේමකිර්ති රණතුංගය.

ලංකාදීප ප්‍රධාන කර්තෘගේ ක්‍රියාකලාපය පිළිබදව මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන පක්ෂ අතරද දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු සදහන් කර ඇත්තේ කර්තෘ වරප්‍රසාද උපයෝගි කරගනිමින් සිරි රණසිංහ කරගනිමින් සිරි රණසිංහ කරගත් සහ ලබාගෙන ඇති සියළු වරප්‍රසාද පිළිබදව සියළු දේ අකුරක් නෑර ඉදිරියේදි හෙළිකරන බවය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

WhatsApp Image 2021 02 28 at 11.15.25

la

WhatsApp Image 2021 02 28 at 11.15.27

WhatsApp Image 2021 02 28 at 11.15.28

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න