ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාලි චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් ඒ මහතා විසින් කොළඹ දිසා අධිකරණය අංක් එකට ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් එකී නෙරපා හැරීම නීත්‍යානුකූල නොවන බවටත් , ඔහුගේ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුරය අහෝසි කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම වළක්වා ලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිණි.
මෙය වඩාත් විශේෂ වන්නේ ලාංකේය මැතිවරණ ඉතිහාසයේ එකවර ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ දෙකක ලේකම්වරුන් දෙදෙනෙකුට මෙවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වීමයි.
පෙත්සම වෙනුවෙන් නීතීග දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතීන හිරණ්‍ය බමුනුකුල සහ ජේෂ්ඨ නීතින් ශාන්ත ජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියහ.
මාර්තු 10 වන දා දක්වා නඩුව කල්තැබුණු අතර එදිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර යන අයටද උසාවියේ පෙනී සිටින ලෙසට නොතේසි නිකුත් කෙරිණි.

