Language Switcher

V2025

හම්බන්තොට අලි මිනිස් ගැටුම විසඳීමත් : ෆේල් නොවෙන්න කියවන්න !

අලි මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය . 2019 දී අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක් අලි ඇතුන් පහරදීමෙින් මිය ගියහ. සාම්ප්රදායික අලි මංකඩ ආක්රමාණය කිරීම, ඔවුන්ගේ භූමිය ඛණ්ඩනය කිරීම, සංවර්ධනය සඳහා සහ නීති විරෝධී ක්‍රියාකාරකම්  සඳහා ඔවුන්ගේ භූමිය භාවිතා කිරීම, හේතුවෙන් මෙම තත්වය උදා වී තිබුණි . දකුණු ආසියාවෙි අලි මිනිස් ගැටුම දරුණුම ලෙස පවතින රට ලෙස අප රට හැදින් විය හැකිය.

මෙම තත්වය මෙසේ  පවතින විට මීට මාසයකට පෙර හම්බන්තොට වල්සපුගල ගම්මානයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ  අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා අඛණ්ඩ  උවාසයක් ආරම්භ කළ අතර හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිතය විධිමත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් නියෝජනය කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර අධ්යාපනිකව ගොවි ජනතාව මෙන්ම ප්රසේශයේ දරුවන්ද දැනුවත් කරමින් අද වන විටත් මෙය ඉදිරියට ඇදමින් ඇත.

වසර දොළහකට පමණ පෙර හම්බන්තොට ජනගහනය අඩු කලාපයක් වූ අතර එහි වැඩි භූමි ප්‍රමාණයක්  සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබීනි. නමුත් ජාතික භෙෘකික සැළසුමට අනුව හමිබන්තොට මහ නගරය සංවර්ධනය කිරීම නිසා අලි ඇතුන් විසින් භාවිතා කල වනාන්තර විනාශ වී ගොස් ඇති අතර අද වන විට ඔහුන් වෙනුවෙන් වෙන් කර ඇති අක්කර 20000 ක භූමි ප්‍රමාණයත්  සංවර්ධන කටයුතු සඳහා එළි පෙහෙලි කර භාවිතයට ගනිමින් සිටී .

අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි විමත් සමග අලි මිනිස් ගැටුම ඉහළ යාමත් විශේෂයෙන්  2006 වසරේ ගෙන එල ලද ජාතික අලි කළමණා කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක  කිරිම උදේසාත් හමිබන්තොට මහා නගර සංවර්ධන වැඩ සටහන විසින් අලි ඇතුන් සදහා හෙක්ටයාර් 1500 ප්‍රදේශයක්  වෙන් කරන ලෙස සැළසුමි කරන යොජානාවක් ඉදිරිපත් විය .

හම්බන්තොට මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සකස් කරන ලද එම සංවර්ධන සැලැස්ම මහා නගර සංවර්ධන අමාත්‍යවරයා   ලෙස පඨලි චම්පික රණවකගේ අත්සනින් අනුමත කරන ලද අතර 1639/1 , 2 යටතේ 2020 පෙබරවාරි 2 වන දින ගැසට් කරන ලදී.

විවිධ සංවර්ධණ කටයුතු නිසා හමිබන්තොට නගරය සිරිබොබුර දක්වා මෙි වන විට ව්යාප්ත වෙිමින් පවතින අතර හමිබන්තෝට යොජිත අලිකළමණාකරණ රක්ෂිත ගැසටි කර අලි පරපුර හා මිනිස් ජීවිත මෙන්ම වාගාවන් බෙිරාදීම උදේසා රජය හැකි ඉක්මණින් මැදිහත් විය යුතුය . අදවන විට සුරිය ,වැව හමිබන්තොට හා වල්සපුගල ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ ද එයයි.

හමිබන්තොට මහා නගර සැළසමු යටතේ අලි කළමණා කරන රක්ෂිතය අයත් විය යුතු ඉඩමි නිදහස් කිරීමට යොජනා කර ඇතත් එය යොජනාවකින් එහාට ගොස් නැත . එම නිසාම අද වන විටත් යොජිත අලි කළමණාකරණ රක්ෂිතයේ ඉඩමි පුද්ගලයන්ට හා සමාගමි අතට ලබාදෙමින් ඇති නිසා අලි කළමණා කරන රක්ෂිතයේ ඉඩමි දිනෙන් දින අඩුවෙිමින් ඇත . එමෙින්ම අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වැඩි වෙිමින් පවතින අතර අලි ඇතුන්ට අමතරව ප්රදේශයේ අනික් සතුන්ට සිය වාස භූමි අහිමිවෙිමින් පවති .

සංවර්ධන කටයුතු වලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැවි ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්‍රමාණයක්  මෙි වන විට නිදහස් කර ඇති අතර ප්‍රදේශයේ  ජල පොෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්යතාවය ඉටුකල වැවි පවා යොජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත . එමෙින් බුරුතකන්ද සූර්ය බලාගාරය සඳහා අක්කර 500 ක් වෙන් කර ඇති අතර වලස්පුගල සහ දිවුල්පැලැස්ස බලශක්ති ගම්මානයක් ඉදිකිරීම තවත් අක්කර 300 කට වෙන් කර ඇත .

එසේ ම මෙම වනාන්තර විනාශය නිසා ගොන්නොරුවෙි සිට බුන්දල දක්වා අලි ගමන් කරන ලද අලි මංකඩ විනාශ කර දමා ඔහුන්ගේ මෙන්ම අනෙක්  සත්ව ප්‍රජාවගේ  වාස නිවහන් අහිමි කර ඇත.

හම්බන්තොට මෙිවන විට සිදු කරන ඉඩමි මංකොල්ලය හා වනාන්තර විනාශය හේතුවෙන් අලි කළමනාකරණ  රක්ෂිතය සදහා වෙන් කර ඇති හා අනෙක් සතුන්ගේ  පැවැත්මට මෙන්ම ජනතාවගේ ජීවත ආරක්ෂාවට ඇති අක්කර 20000 පමණ ප්‍රමාණයක්  අහිමිවිමෙි අවධානමක් පැන නැගී ඇත.

අලි කළමනාකරණ කලාපය සඳහා වෙන් කර ඇති ඉඩම විවෘත වනාන්තර ප්‍රදේශයක්  වන අතර එය කටු පඳුරු සහිත වියළි කලාපිය ශුෂ්ක  වනාන්තරවලින්ද  ගහණය . මෙහි ඇතමි ඉඩමි මෙන්ම යාබද ඉඩම් කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින ප්‍රදේශවාසීන්  විසින් අත්පත් කර  ගෙන  ඇත.

යෝජිත  වන අලි  කළමණකරන කලාපය ගොන්නෝරුවා සහ කොහොලන්කලා යන ග්‍රාම නිලධාරී කොට්ටාශ  යටතේ පවතීන අතර හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ හෙක්ටයාර 1500 ක කලාපයක් එයින් පිටත වනාන්තර හෙක්ටයාර 8000 ක ප්‍රදේශයක්  රක්ෂිතය ලෙස වෙන් කිරීමට යොජනා කර ඇති අතර ඒ සදහා සීමා මායිමි ලකූණු කර නිත්‍යානුකූල අවරණයක් ලබා දී නොමැති හෙයින් එහි ඉඩමි බහු ජාතික සමාගමි හා පුද්ගලයන් විසින් කොල්ල කමින් ඇත.

අලි 400 කගේ පමණ වාසභූමියක් ලෙස යොදා ගත හැකි මෙම ප්‍රදේශය වටා සිග්සැග් ආකාරයෙන් දෙහි බොගන්විලා සහ හන ගස් වගා කිරීම මගින් අලි මිනිසුන්ගෙ වගා භූමි ආක්‍රමණය  කිරීම අවම කිරීමට බලා පොරොත්තු වන අතර අප මෙි සදහා තවද යොජනාවක් එකතු කරමු. ඒ ප්‍රදේශවාසින්ගේ වගා බිමි වටෙිට මි මැසි ජනපද පිහිට වීම තුලින් තවද සිදුවිය හැකි වගා හානි අවම කිරීමයි .

යොජිත අලි කළමණාකරණ රක්ෂිතය හමිබන්තොට කතරගම මාර්ගය දක්වා විහිදි යන අතර අනෙක් පසින් හමිබන්තොට ගෙන්නොරුව හා මිගහ ජදුර මාර්ගය කරාද විහිදි යන අතර මෙම යොජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ආරක්ෂා නොකළහොත් ප්‍රදේශ  වාසි ගොවි ජනතාවට සිය වගා බිමි පමණක් නොව ජීවිත බෙිරාගැනිමද ගැටලුවක් වනු ඇත.

unnamedආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found