රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත අවධානම ඉහළ ගොස් ඇති අතර ඊයේ (02) දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 317ක් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වුයේද 72ක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයෙනි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,526ක් වේ.
කොවිඩ් -19 ආසාදිතයින් ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 19කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කෙසේවෙතත් ඊයේ දිනයේ දෙවෙනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 63 ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52,733 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගැනුණු බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
කුරුණෑගල, කෑගල්ල, බදුල්ල, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, හම්බන්තොට, යාපනය, පොළොන්නරුව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

