නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න මාධ්‍ය වෙත නිකුත්කළ ප්‍රකාශය හරහා මෙම කරුණු අනාවරණය වෙයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිකරන්න - කාදිනල්
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල මහ මොළකරුවන් හෙළිකරන්නැයි මේවනවිට ආණ්ඩුව වෙත දැඩි බලපෑමක් එල්ලවෙමින් ඇති අතර ප්‍රහාරය එල්ලකර වසර 2ක් ගතවී ඇතත් ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රශ්න කරයි.
ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමි මෙසේ ප්‍රශ්න කල අතර වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් අවධාරණය කළේය.
එහිදී කාදිනල් හිමි මෙසේද පැවසීය.
“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතර තුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ.
ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාවල උසස් නිලධාරීන්ට බලපෑම් කළා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපිට ලැබිලා තියෙනවා.“